ලොව පුරා දේශපලන පක්ෂවල නායකයන් සහා රජයේ නිලධාරීන් ගෙන් චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවට හා මහ ලේකම් ෂී ජින්පිං මහතාට සුබ පැතුම්
2022-10-23 19:30:54
Share with:

ලොව පුරා දේශපලන පක්ෂවල නායකයෝ සහා රජයේ නිලධාරීහූ චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවට හා මහ ලේකම්  ෂී ජින්පිං මහතාට සුබ පැතුම් පිරිනමති.චීන කොමියුනිස්ට් පක්ෂයේ නිවැරදි තීරණ හේතුවෙන් චීනය අඛණ්ඩව සාර්ථකභාවයන් අත් කර ගෙන ඇති බව ක්‍රොයේෂියා හිටපු ජනාධිපතිවරයා කියා සිටී.20 වන ජාතික කොංග්‍රසය මගින් චීනය හා ක්‍රොයේෂියාව ඇතුළු සෙසු රටවල් අතර මිත්‍ර හා සහයෝගතා සබඳතා තවදුරටත් පුළුල් වනු ඇති බව හෙතෙම විශ්වාස කරයි.ජාතික ‍සෞභාග්‍යය හා නවීනකරණ මාර්ගයේ සාර්ථක අත්දැකීම් ලබා ගැනීමට චීන කොමියුනිස්ට් පක්ෂයට හැකිව ඇතැයි ඉරාන විදේශ සබඳතා පිළිබද උපාය මාර්ගික සභාවේ ප්‍රධානියා කියා සිටී.ලාඕසය, තායිලන්තය , මාලදිවයින,පාකිස්ථානය,මැලේසියාව,නේපාලය ඇතුළු රටවල් රැසක දේශාපලන හා රජයේ  නායකයන් ද චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවට හා මහ ලේකම් චීන ෂී ජින්පිං මහතාට සුබ පැතුම් පිරිනමමින් නිවේදන නිකුත් කර තිබේ.

 

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම