22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්මත වෙයි
2022-10-22 15:38:29
Share with:

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයකින් සම්මත වෙයි.

පනත් කෙටුම්පත කාරක සභා අවස්ථාවේදී සංශෝධන සහිතව සම්මත වූ අතර පසුව තෙවනවර කියවීමට අදාළ ඡන්ද විමසීම පැවැත්විණ.

එහිදී පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 173ක් හිමිවූ අතර විපක්ෂව සරත් වීරසේකර මහතා පමණක් ඡන්දය භාවිත කළේ ය.

ඒ අනුව කථානායකවරයා සභාවට දැනුම් දුන්නේ 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත තෙවනවර කියවීම සංශෝධන සහිතව සම්මත වූ බවය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම