චීන කොමියුනිස්ට් පක්ෂයේ විනය පරීක්ෂාව සම්මත කෙරේ
2022-10-22 12:40:40
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ විනය පරීක්ෂාව පිළිබඳ 19වැනි මධ්‍යම කොමිසමේ කාර්ය සාධන වාර්තාව සම්මත වේ.

චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වන ජාතික කොංග්‍රසයේ සමාප්ති ‍රැස්වීම අද බෙයිජිංහිදී පැවැත්විණ. එහිදී චීන කොමියුනිස්ට් පක්ෂයේ විනය පරීක්ෂාව පිළිබඳ 19වැනි මධ්‍යම කොමිසමේ කාර්ය සාධන වාර්තාව සම්මත කෙරිණ. පක්ෂයේ විනය පරීක්ෂාව පිළිබඳ 19වැනි මධ්‍යම කොමිසමේ කටයුතු එම රැස්වීමේදී ඉහළ ඇගයීමට ලක් විය. ඉදිරියේදී ෂී ජින් පිං ජනාධිපතිවරයාගේ නව යුගයේ චීන ලක්ෂණයෙන් යුත් සමාජවාදී චින්තනය සහ පක්ෂයේ 20වන ජාතික කොංග්‍රසය නියම කළ උපාය මාර්ගික සැලැසුම් අකුරටම ක්‍රියාවට නංවා ගත යුතු ය. ඒ සඳහා පක්ෂයේ විනය පෙරට වඩා දැඩි කරමින් පක්ෂය තුළ මතු විය හැකි දූෂණ වංචා වඩාත් මර්දනය කිරීම මෙන් ම පක්ෂයට අවංක පක්ෂපාතීත්වය ඇති විනය පරීක්ෂකයන් පිරිසක ගේ සේවය ලබා ගැනීම, විනය පරීක්ෂාව පිළිබඳ මධ්‍යම කොමිසමේ ප්‍රධාන කාර්යයන් බව එහිදී අවධාරණය කෙරිණ.

ගුවන් විදුලිය
20240329සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම