චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වන ජාතික කොංග්‍රසයේ සමාප්ති රැස්වීමේ දී 19 වැනි මධ්‍යම කාරක සභාවේ වාර්තාව සම්මත කෙරේ
2022-10-22 12:45:14
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වන ජාතික කොංග්‍රසයේ සමාප්ති රැස්වීම අද(22) බෙයිජිං හිදී පැවැත්විණ. 19 වැනි මධ්‍යම කාරක සභාවේ වාර්තාව එහිදී සම්මත කෙරිණ.

චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වන ජාතික කොංග්‍රසය විසින් අනුමත කරන ලද, ෂී ජින් පිං මහතා 19 වැනි මධ්‍යම කාරක සභාව වෙනුවෙන් ඉදිරිපත් කළ වාර්තාව  මෙයයි.

19 වැනි මධ්‍යම කාරක සභාවේ වාර්තාව යනු, පක්ෂයේ සහ ජනතාවගේ ප්‍රඥාව සංයෝග  කිරීමකි. එය පක්ෂය විසින් සියලුම ජාතීන්ට අයත් ජනතාව ඒකරාශී කර නායකත්වය ලබා දෙමින් ඉදිරිපත් කරන, චීන ලක්ෂණ සහිත සමාජවාදී නව ජයග්‍රහණයක්‌ ලබා ගැනීම සඳහා වන දේශපාලන ප්‍රකාශය සහ ක්‍රියාකාරී වැඩසටහන ය.

19 වැනි මධ්‍යම කාරක සභාවේ කටයුතු චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වන ජාතික කොංග්‍රසය ඉතා ඉහළින් අගය කළේය.

චීන කොමියුනිස්ට් පක්ෂයේ 19 වන ජාතික කොංග්‍රස පැවැත්වීමෙ සිට ගෙවුනු වසර 5, ඉතා  දීපත්මත් වසර 5ක් විය.

මෙම කාලය තුළ, චීන කොමියුනිස්ට් පක්ෂය පිහිටුවීමේ 100 වැනි සංවත්සරය සැමරිණ. චීන ලක්ෂණ සහිත සමාජවාදය නව යුගයකට පිවිස තිබේ. චීනය අන්ත දරිද්‍රතාවය තුරන් කිරීම සහ මධ්‍යස්ථ සමෘද්ධිමත් සමාජයක් සර්ව කාලීන ආකාරයකින් ගොඩනැගීමේ ඓතිහාසික කාර්යය සම්පූර්ණ කර තිබේ. චීනය සිය පළමු සියවස් ඉලක්කය ඉටු කර තිබේ.

චීන කොමියුනිස්ට් පක්ෂය සහ චීන ජනතාව ඒකාබද්ධ අරගලයෙන් ලැබූ ඓතිහාසික ජයග්‍රහණ තුනක් ලෙසට මෙය හැදින්විය හැකිය.

ෂී ජින් පිං මහතා කේන්ද්‍රගත චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ශක්තිමත් නායකත්වය යටතේ මෙන්ම, ෂී ජින් පිං මහතාගේ නව යුගයේ චීන ලක්ෂණ සහිත සමාජවාදී චින්තනය යටතේ, සමස්ත පක්ෂයම හා රටේ සියලුම ජාතීන්ට අයත් ජනතාව සමඟියෙන් උත්සාහ කිරීමෙන්, නව යුගයේ දශකයේ විශාල වෙනස්කම් ඉටු කර ගෙන ඇති බව, කොංග්‍රසය අවධාරණය කළේ ය.

ෂී ජින් පිං මහතා‍ ප්‍රමුඛ  මධ්‍යම කාරක සභාවේ කෙන්ද්‍රීය ස්ථාවරය හා සමස්ත පක්ෂයේ කෙන්ද්‍රීය ස්ථාවරය, සමස්ත පක්ෂයම අධිෂ්ඨානශීලීව ආරක්ෂා කරයි. නවීන සමාජවාදී රටක් සර්ව සම්පූර්ණයෙන් ගොඩනැගීම හා චීන ජාතියේ මහා පුනර්ජීවනය සම්පූර්ණයෙන් ප්‍රවර්ධනය කෙරෙනු ඇත.

ගුවන් විදුලිය
20240507අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම