සාධාරණ ගෝලීය පරිසර කළමනාකරණ පද්ධතියක් ගොඩ නැගීමට ක්‍රියාශීලි කටයුතු කරන බව චීනය පවසයි
2022-10-21 19:57:21
Share with:

ගෝලීය දේශගුණ විපර්යාසය හමුවේ අඛණ්ඩව සක්‍රීය ව කටයුතු කරන බව චීනය පවසයි.

අද (20) පැවති චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි ජාතික කොංග්‍රසයේ මාධ්‍ය හමුවකදී චීන ජෛව පරිසර උප ඇමති චායි චිං මහතා ගත වූ වසර 10 තුළ ජෛව පරිසර සංරක්ෂණ ක්ෂේත්‍රයේ චීනය ලබාගෙන ඇති ජයග්‍රහණ විස්තර කළේ ය.  චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වන ජාතික කොංග්‍රසයේ වාර්තාවට අනුව වසර 2035 සිට මෙම සියවසේ මැද භාගය දක්වා චීනය සමෘද්ධිමත් ශිෂ්ටසම්පන්න හා සුන්දර සමාජවාදී නවීකරණ බලවතෙක් බවට පත් වනු ඇත. ඒ සඳහා එම වාර්තාව සැලැසුම් ඉදිරිපත් කර ඇතැයි චායි චිං මහතා එහිදී  පැවසීය. ගෝලීය ජෛව පරිසර සංවර්ධනය සඳහා චීනය සක්‍රීය දායකත්වයක් ලබා දෙමින් සිටී.බහුපාර්ශ්වවාදය ආරක්ෂා කරමින් සහයෝගිතා හා පොදු ජයග්‍රහණ මත පදනම් වන සාධාරණ ගෝලීය පරිසර කළමනාකරණ පද්ධතියක් ගොඩ නැගීමට චීනය ක්‍රියාශීලි කටයුතු කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.

 

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම