චීන පන්නයේ නවීකරණයෙන් එරට විශාල සංවර්ධනයක් අත්කර ගනු ඇතැයි ජාත්‍යන්තර වියත්හු පවසති
2022-10-21 09:53:03
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වන ජාතික කොංග්‍රසය චීනයේ අනාගත සංවර්ධනය සඳහා සැලැස්මක් සකස් කර ඇති බව ජාත්‍යන්තර තලයේ විවිධ වියත්හු පවසති. එහිදී ඉදිරිපත් කරන ලද චීන පන්නයේ නවීකරණය චීනයේ ජාතික තත්ත්වයන්ට අනුකූල වන අතර, චීනය විශාල සංවර්ධනයක් අත්කර ගනු ඇතැයි අපේක්ෂා කරන බව ඔවුන් පවසා ඇත.

ෂී ජින් පිං මහතාගේ වාර්තාව චීන පන්නයේ නවීකරණය පිළිබඳ සංකල්පය ඉදිරිපත් කර ඇතැයි දකුණු කොරියාවේ නැගෙනහිර ආසියා පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ සහ දකුණු කොරියානු - චීන ගෝලීය සංගමයේ සභාපති Woo Su-keun මහතා පැවසීය. බටහිර රටවල් චීනය ප්‍රතික්ෂේප කිරීමට විවිධ කරුණු සොයමින් සිටින නමුත්, ෂී ජින් පිං මහතා‍ගේ සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය යටතේ චීනය අඛණ්ඩව සංවර්ධනය වෙමින් පවතින බව හෙතෙම කියාසිටී.

චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වන ජාතික කොංග්‍රස වාර්තාව චීන පන්නයේ නවීකරණය යන සංවර්ධන සංකල්පය ඉදිරිපත් කළ අතර, එය ඉතා වැදගත් හා ප්‍රායෝගික බව නේපාලයේ සංස්කෘතික, සංචාරක සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය Jeevan Ram Shrestha මහතා පැවසීය. තාක්‍ෂණය, විද්‍යාව වැනි විවිධ ක්ෂේත්‍රවල චීනයේ දියුණුව ඵලදායී ප්‍රතිඵල ලබා ඇත. චීනය ශක්තිමත් අනාගතයක් කරා ගමන් කරනු ඇතැයි ද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම