බ්‍රිතාන්‍යයේ නව අගමැති තෝරා පත්කිරීම ලබන 31
2022-10-21 09:45:33
Share with:

බ්‍රිතාන්‍ය කොන්සර්වෙටිව් පක්ෂයේ නව නායකයා ලබන 31 වැනිදා තෝරා ගැනේ.

බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තාවලට අනුව, වත්මන් අගමැතිනි Elizabeth Truss මහත්මිය කොන්සර්වෙටිව් පක්ෂ නායකත්වයෙන් හා බ්‍රිතාන්‍ය අගමැති ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු, එම පක්ෂය ඉදිරි සතිය තුළ නව පක්ෂ නායකයා තේරීමේ මැතිවරණය පවත්වනු ඇත.ඡන්ද විමසීම එළඹෙන 28 වනදා අවසන් වන අතර, 31 වනදා නව අගමැතිවරයා ධුරයට පත්වීමට නියමිතය.

බ්‍රිතාන්‍ය කොන්සර්වෙටිව් පක්ෂයේ “1922 කමිටුවේ” සභාපති Graham Brady මහතා ප්‍රකාශ කළේ, කොන්සර්වෙටිව් පක්ෂයේ නව පක්ෂ නායකයා තේරීමට අවම වශයෙන් එම පක්ෂයේ මන්ත්‍රීවරුන් 100 දෙනෙකුගේ නම් ඉදිරිපත් කළයුතු බවයි. උපරිම වශයෙන්  තිදෙනෙකුට  මැතිවරණයට සහභාගි විය හැකි බවද හෙතෙම පැවසීය. නව පක්ෂ නායකයා තේරී පත්වන තුරු, Elizabeth Truss මහත්මිය තාවකාලිකව අග්‍රාමාත්‍ය ධුරයේ රැඳීසිටිනු ඇත.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම