සාමකාමීව පෙරට ගමන් කරන චීනය ලොවට මනා සවියක්
2022-10-21 13:58:15
Share with:

 ‘ ලෝක සාමය සුරැකීමේ හා පොදු සංවර්ධනය තහවුරු කිරීමේ රාජ්‍යතාන්ත්‍රික මූලධර්මයේ චීනය අඛණ්ඩ ව නිරතවෙමින් සිටිනවා. ඉරණම සහිත පොදු ප්‍රජාවක් ගොඩනැංවීමට ද චීනය ඇපකැප වනවා ’ යනුවෙන් මේ දිනවල පැවැත්වෙන චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වන ජාතික කොංග්‍රසයේ දී චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති ෂී ජින් පිං මහතා වාර්තාවක් ඉදිරිපත් කළ අවස්ථාවේදී සඳහන් කළේය. ඔහුගේ මෙම ප්‍රකාශය ජාත්‍යන්තරයේ පැසසුමට ලක් ව ඇත.

සංවර්ධිත රටවල් වසර සිය ගණනක දී අත්පත් කරගත් කාර්මික ප්‍රගතීන් චීනය දශක කිහිපයක් තුළ සාක්ෂාත් කිරීම විශේෂත්වයකි. ශීඝ්‍ර ආර්ථික ප්‍රගමනයක් හා දිගුකාලීන සමාජ ස්ථායිතාවක් ඉන් නිර්මාණය කෙරේ. චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය යටතේ චීන ජනතාව උත්සාහවන්ත ව කටයුතු කිරීම ඊට හේතුවයි. චීන කොමියුනිස්ට් පක්ෂය යුගයේ සංවර්ධන ප්‍රවණතා හමුවේ, සාමකාමී සංවර්ධන මාර්ගයක් ඔස්සේ නොකඩවාම ගමන් කිරීම ද එමගින් පිළිබිඹු වේ.

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ, ෂී ජින් පිං මහතා එක්සත් ජාතීන්ගේ 76 වැනි මහා මණ්ඩලයේ සාමාන්‍ය විවාදයට එක්වූ අවස්ථාවේ දී ගෝලීය සංවර්ධන මුලපිරුම ඉදිරිපත් කළේ ය. පොදු සංවර්ධනය තහවුරු කරමින්, පොදු ඉරණමක් සහිත ගෝලීය සංවර්ධන ප්‍රජාවක් ගොඩනැංවීම එහි කේන්ද්‍රීය කරුණයි. ගෝලීය සංවර්ධන මුලපිරුම යනු, චීනය එහි ප්‍රායෝගික ක්‍රියාකාරීත්වය උදෙසා කරන හඳුන්වාදීමකි. එක්සත් ජාතීන්ගේ 2023 තිරසර සංවර්ධන න්‍යාය පත්‍රය ද මෙමගින් තහවුරු කෙරේ.

සිය සංවර්ධන චාරිකාව අතරතුර ලෝක සාමය ආරක්ෂා කරමින්, පොදු සංවර්ධනය පුළුල් කිරීම උදෙසා ද චීනය උර දී සිටී. නවීන රටක් ලෙස පූර්ණ වශයෙන් ගොඩනැංවීමේ නව ගමනේ දී, චීන කොමියුනිස්ට් පක්ෂය ලෝකය වෙත සුබසෙත සලසනු නිසැකයි.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම