චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වන ජාතික කොංග්‍රසයේ විධායක මණ්ඩලයේ 3වන රැස්වීම චීන ජනාධිපතිවරයා ගේ ප්‍රධානත්වයෙන්
2022-10-21 16:39:47
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වන ජාතික කොංග්‍රසයේ විධායක මණ්ඩලයේ 3වන රැස්වීම පැවැත්වෙයි.

අද (21) උදෑසන බෙයිජිං අගනුවර මහජන මහ ශාලාවේ දී ජනාධිපති ෂී ජින් පිං මහතාගේ ප්‍රධානත්වයෙන් එම රැස්වීම පැවැත්විණ.

20 වන මධ්‍යම කාරක සභා අපේක්ෂකයින්ගේ ලැයිස්තුව, ආදේශක අපේක්ෂකයින්ගේ ලැයිස්තුව, සහ විනය පරීක්ෂාව පිළිබඳ මධ්‍යම කොමිසමේ අපේක්ෂකයින්ගේ ලැයිස්තුව, මෙම රැස්වීමේදී සම්මත කෙරිණ.

මෙම ලැයිස්තු ඒ ඒ නියෝජිත පිරිස්වලට සලකා බැලීම සඳහා ඉදිරිපත් කර ඇත.

ඊයේ(20) සවස හා අද(21) උදෑසන පැවති පූර්ණ රැස්වීම්වලදී මධ්‍යම කාරක සභාවේ සාමාජිකයන්, ආදේශක සාමාජිකයන්, විනය පරීක්ෂාව පිළිබඳ මධ්‍යම කොමිසමේ සාමාජිකයන්, වෙන් වෙන් ව  පූර්ව වශයෙන් තෝරා ගෙන තිබේ.

අද(21) සවස, මහා සම්මේලනය විවිධ නියෝජිත පිරිස්වල කණ්ඩායම් රැස්වීම පවත්වමින්, විධායක මණ්ඩලයේ 3වන රැස්වීමෙන් සම්මත වූ මධ්‍යම කාරක සභාවේ අපේක්ෂකයින්ගේ ලැයිස්තුව, ආදේශක අපේක්ෂකයින්ගේ ලැයිස්තුව, විනය පරීක්ෂාව පිළිබඳ මධ්‍යම කොමිසමේ අපේක්ෂකයින්ගේ ලැයිස්තුව, සාකච්ඡා කර තිබේ.

හෙට(22) උදෑසන, පූර්ණ සැසිවාරයේ ඡන්ද විමසීමක් පැවැත්වීමට නියමිතව තිබේ.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම