චීන නවීකරණයට දායක‍වන ප්‍රධාන අංශ පැහැදිලි කෙරේ
2022-10-21 18:46:33
Share with:

අධික ගුණාත්මක භාවයෙන් යුතු මූල්‍ය සේවය හා චීන මධ්‍යම රජයට සතු සමාගම්හී අධික ගුණාත්මක භාවයෙන් යුතු සංවර්ධනය, චීන නවීකරණයට දායක වෙයි.

චීන ‍කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි ජාතික කොංග්‍රසයේ වාර්තාවේ සඳහන් වූයේ නව සංවර්ධන ආකෘතියක් ගොඩනැගීම කඩිනම් කරමින් අධික ගුණාත්මක භාවයෙන් යුතු වර්ධනය ප්‍රවර්ධනය කරන බවයි. චීන මධ්‍යම රජයට සතු මූල්‍ය පද්ධතියේ නියෝජිත කණ්ඩායමේ ප්‍රකාශකයෙකු අද(20) පැවති චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි ජාතික කොංග්‍රසයේ මාධ්‍ය හමුවකදී පැවසුවේ ගෙවී ගිය වසර 10 තුළ මූල්‍ය කර්මාන්තයේ ප්‍රතිසංස්කරණය අඛණ්ඩව ගැඹුරු කරමින් චීන මූල්‍ය කර්මාන්තයේ ජාත්‍යන්තර තරඟකාරීත්වය හා බලපෑම විශාල ලෙස දියුණු වි ඇති බවයි. චීන මධ්‍යම රජය සතු සමාගම් පද්ධතියේ නියෝජිත කණ්ඩායමේ ප්‍රකාශකයෙකු එහිදී පැවසුවේ චීන මධ්‍යම රජය සතු සමාගම් ඉදිරියේ දී විද්‍යා හා තාක්ෂණ නිර්මාණශීලිත්වය ප්‍රවර්ධනය කිරීම, අධික ගුණාත්මක භාවයෙන් යුතු වර්ධනය, ජාත්‍යන්තර සහයෝගිතා ඇතුළු ක්ෂේත්‍රවල චීන නවීකරණය ගොඩනැගීමට දායකත්වය දරනු ඇති බවයි.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම