මානව හිමිකම් මුවාවෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීමට චීනයේ පැහැදිලි වි‍රෝධය
2022-10-21 18:43:00
Share with:

මානව හිමිකම් මුවාවෙන්, සංවර්ධනය වෙමින් පවතින රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීමට, චීනය පැහැදිලිවම විරෝධය දක්වයි.

චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Wang Wenbin මහතා අද(21) පැවති මාධ්‍ය හමුවකදී, චීනයේ මානව හිමිකම් සංවර්ධන ජයග්‍රහණ හඳුන්වා දෙමින් මේ බව පැවසීය.

චීනයේ මෙම ප්‍රකාශය ජාත්‍යන්තර ප්‍රජාවේ, විශේෂයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල් විශාල සංඛ්‍යාවක සහයෝගය සහ ප්‍රතිචාරය දිනා ඇත.

චීන කොමියුනිස්ට් පක්ෂය පිහිටුවීමේ සිට ම මානව හිමිකම්වලට ගරු කිරීම සහ ආරක්ෂා කිරීම සඳහා විශාල වැදගත්කමක් ලබා දී ඇත. ජනතාව ගේ ප්‍රීතිමත් ජීවිතය උතුම්ම මානව අයිතිවාසිකමයි. චීන ජනතාවට සතුට ගෙන දීම චීන කොමියුනිස්ට්වාදීන්ගේ නොසැලෙන මුල් අරමුණ බව, Wang Wenbin මහතා අවධාරණය කළේ ය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම