නව සංවර්ධන රටාව ප්‍රවර්ධනය කිරීම සඳහා චීනයේ සියලු පළාත්වල විවෘතභාවය ශක්තිමක් කිරීමට පියවර
2022-10-20 10:29:00
Share with:

රටේ නව සංවර්ධන රටාව ප්‍රවර්ධනය කිරීම සඳහා සියලු පළාත්වල විවෘතභාවය ශක්තිමක් කෙරෙනු ඇතැයි චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වන ජාතික කොංග්‍රසයේ පළාත් නියෝජිත කණ්ඩායම් රැසක් පවසයි.

මේ දක්වා, චීන ආසියාන් ප්‍රදර්ශනය සහ චීන ආසියාන් ව්‍යාපාර සහ ආයෝජන සමුළුව වාර 19ක් සාර්ථකව පවත්වා ඇති බව Guangxi Zhuang ජාතික ස්වායත්තයේ කොමියුනිස්ට් පක්ෂ කමිටුවේ ස්ථාවර කමිටු සාමාජික හා ප්‍රචාරක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ Sun Daguang මහතා පැවසීය. ආසියාන් සංගමය අඛණ්ඩව වසර 22 ක් Guangxi හි විශාලතම වෙළඳ හවුල්කරු වේ. Guangxi Zhuang ජාතික ස්වායත්තය නව බටහිර ගොඩබිම්-මුහුදු කොරිඩෝවක් තැනීම කෙරෙහි අවධානය යොමු කරන අතර විවෘතභාවය සහ සහයෝගීතාව පුළුල් කරන බව ද හෙතෙම කීය.

Hainan නිදහස් වෙළඳ වරායේ ඉදිකිරීම වේගවත් කර 2025 වසර අවසන් වන විට පළාත පුරා නව ක්‍රමයක් නිසි ලෙස ආරම්භ කරන බව Hainan පළාතේ කොමියුනිස්ට් පක්ෂ කමිටුවේ ස්ථාවර කමිටු සාමාජික සහ විධායක උප ආණ්ඩුකාර Shen Danyang මහතා පැවසීය.


ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම