චීනයේ සංවර්ධන ක්‍රමවේදයන් අධ්‍යයනය කිරීම අර්ථාන්විත බව විද්වත්හූ පවසති
2022-10-20 09:55:15
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වන ජාතික කොංග්‍රසය ලෝකයට චීනය ගැන හොඳින් අවබෝධ කර ගැනීමට මනා අවස්ථාවක් බව බොහෝ රටවල විද්වත්හූ පවසති.

පසුගිය වසර 10 තුළ චීනය සාමය සහ සහයෝගීතාව වෙනුවෙන් පෙනී සිටි බලවේගයක්  බව ඉතාලියේ හිටපු අධිකරණ අමාත්‍ය සහ රෝම විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ පීඨාධිපති Oliviero Diliberto මහතා පවසයි. දේශීය වශයෙන් චීනය අසාමාන්‍ය සමාජ, ආර්ථික සහ දේශපාලන ජයග්‍රහණ අත්කර ගෙන ඇති අතර, අඛණ්ඩව සංවර්ධනය හා ප්‍රගතිය කරා ගමන් කරනු ඇති බව හෙතෙම පවසා ඇත.

ෂී ජින් පිං මහතාගේ වාර්තාවේ සඳහන් පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් පිළිබඳ සංකල්පය ලෝකයේ අනාගත සහයෝගීතාවය සඳහා මග පෙන්වීමක් බව කසක්ස්තාන් ජාත්‍යන්තර කටයුතු විශේෂඥ Zhansetov මහතා විශ්වාස කරයි.

චීනයේ විශිෂ්ට සාර්ථකත්වයට හේතුව චීන කොමියුනිස්ට් පක්ෂය ජනතාවගේ යහපැවැත්මට මුල් තැන දීම බව බ්‍රසීලයේ චීන අධ්‍යයන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ Ronnie Lins මහතා විශ්වාස කරයි.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම