මහ කන්නයේ වී වගා කරන සෑම ගොවියකුටම බණ්ඩි පොහොර මිල දී ගැනීම සඳහා රුපියල් 10,000ක සහනාධාරයක්
2022-10-20 18:45:35
Share with:

මහ කන්නයේ වී වගා කරන සෑම  ගොවියකුටම බණ්ඩි පොහොර  මිල දී ගැනීම සඳහා රුපියල් 10,000ක සහනාධාරයක්  ලබා දීමට තීරණය කළ බව ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් ඒ. එච්.එම්. එල්. අබේරත්න මහතා පවසයි.

මහ කන්නයේ දී ශ්‍රී ලංකාවේ ගොවි ජනතාවට බණ්ඩි පොහොර මිල දී ගැනීම සඳහා  ආසියානු සංවර්ධන බැංකුව විසින් රුපියල්  කෝටි 1000ක් ලබා දීමට එකඟතාව පළ කර ඇති අතර එම මුදල යොදා ගනිමින් මෙම සහනාධාරය දෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

මෙවර මහ කන්නයේ දී බණ්ඩි පොහොර හෙවත් Muriate of Potash (MOP)  පොහොර ආනයනය කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර ඇති අතර ඒ සඳහා ආසියා සංවර්ධන බැංකුව ලබා දී ඇති මුදල ඇමරිකා ඩොලර් මිලියන 40කි.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම