චීන රාජ්‍ය තාන්ත්‍රිකභාවය ඉතිහාසයේ නිවැරදි දෙස ස්ථිරව පවතින බව චීන විදේශ උප ඇමති අවධාරණය කරයි
2022-10-20 17:31:09
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වන ජාතික කොංග්‍රසයේ ප්‍රවෘත්ති මධ්‍යස්ථානයේ 4වැනි මාධ්‍ය හමුව අද(20) පෙරවරුවේ පැවැත්විණ.

මෙම මාධ්‍ය හමුවේ දී  "ෂී ජින් පිං මහතාගේ රාජ්‍ය තාන්ත්‍රික චින්තනය චීන ලක්ෂණ සහිත ප්‍රධාන  රාජ්‍ය තාන්ත්‍රිකත්වයට මග පෙන්වයි" යන තේමාව වටා ඇති බාහිර  අවධානය ට ප්‍රතිචාර දැක්විණ.

නව ‍යුගයේ දශකයක් තුළ, චීන රාජ්‍ය තාන්ත්‍රික කාර්යයන් දීපත්මත් ජයග්‍රහණ ලබා ගෙන තිබේ.

ෂී ජින් පිං මහතාගේ නව යුගයේ චීන ලක්ෂණ සහිත සමාජවාදී චින්තනය විශේෂයෙන්ම ෂී ජින් පිං මහතාගේ රාජ්‍ය තාන්ත්‍රික චින්තනයේ හි විශේෂ විද්‍යාත්මක මග පෙන්වීම ඊට මූලික වේ.

ෂී ජින් පිං මහතාගේ රාජ්‍ය තාන්ත්‍රික චින්තනය, චීන රාජ්‍ය තාන්ත්‍රිකත්වයට මග පෙන්වන්නක් මෙන්ම, චීනය හා ලෝකය අතර සම්බන්ධතාවල ඓතිහාසික  වර්ධනයක් ඉටු කළ චීනය ජාත්‍යන්තර ප්‍රජාවට ඓතිහාසික දායකත්වයන් දැක්වූ දශකයක් බව, චීන විදේශ උප ඇමති Ma Zhaoxu මහතා එහිදී සඳහන් කළේ ය.  

ජාතික ස්වෛරීභාවය, ආරක්ෂාව සහ සංවර්ධන අවශ්‍යතා ආරක්ෂා කිරීම යනු චීන රාජ්‍ය තාන්ත්‍රික කටයුතුවල ආරම්භක ලක්ෂ්‍යය සහ ඉලක්කයයි.

ලෝක සාමය හා සංවර්ධනය චීනය තරයේ ආරක්ෂා කරමින් ස්වයං සංවර්ධනය මගින් ලෝක සාමය හා සංවර්ධනය මැනවින් ආරක්ෂා කරනු ඇති බව, Ma Zhaoxu මහතා අවධාරණය කළේ ය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම