ණය ප්‍රතිව්‍යුහගතකරණය සාර්ථක කර ගනිමින් නිවැරදි ආර්ථික කළමනාකරණයක් ඇති කිරීමට රජය සූදානම් බව ජනපති කියයි
2022-10-20 18:47:22
Share with:

ණය ප්‍රතිව්‍යුහගතකරණය සාර්ථක කර ගනිමින් නිවැරදි ආර්ථික කළමනාකරණයක් ඇති කිරීමට රජය සූදානම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි. බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේ රටේ ආදායම වැඩි නොකර ආර්ථිකය ශක්තිමත් කිරීමට හැකියාවක් නොමැති බවය. රට ගොඩගැනීමට නම් අකමැත්තෙන් වුවද අසීරු තීරණවලට එළඹීමට සිදුවන බව ද හෙතෙම කීය.

මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ඇතුඑ කණ්ඩායමක් වොෂින්ටන් නුවරදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකාවට ණය ලබා දුන් රටවල් හා ණය ලබාදුන් ආයතන සමග රැස්වීමකට සහභාගි වූහ. මෙරටට ණය ලබාදුන් ප්‍රධාන රටවල් 03 වන  චීනය ,ජපානය සහ ඉන්දියාව සමග පොදු වේදිකාවකට පැමිණ සහන ලබාදීමට ගතයුතු ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම මෙහි මූලික අරමුණ වු බව ජනාධිපතිතවරයා පැවසීය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම