චීනය සහයෝගීතාවේ නව ආදර්ශයක් වනු ඇතැයි තමා බලාපොරොත්තු වන බව ඉන්දුනීසියා ජනාධිපතිවරයා පවසයි
2022-10-20 10:31:32
Share with:

ලෝකයට ප්‍රයෝජනවත් වන බොහෝ ප්‍රතිපත්ති චීනය හඳුන්වා දෙනු ඇතැයි අපේක්ෂා කරන බව ඉන්දුනීසියානු ජනාධිපති Joko Widodo මහතා පවසයි.

හෙතෙම පසුගියදා චීන මාධ්‍ය සමූහය සමඟ පැවති වි‍ශේෂ සම්මුඛ සාකච්ඡාවකදී මේ බව සඳහන් කළේය. චීන ජනතාවටත් කලාපීය ස්ථාවරත්වය හා ලෝක සාමයටත් හිතකර තීරණ ගැනීමට චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වැනි ජාතික කොංග්‍රසයට හැකිවනු ඇතැයි අපේක්ෂා කරන බව Joko Widodo මහතා සඳහන් කළේය.

ඉන්දුනීසියාව සහ චීනය අතර සහයෝගීතාව වැඩි වන තරමට දෙරටටම වඩා යහපත් බව ඔහු පෙන්වා දී තිබේ. ගෝලීය සංවර්ධන මුලපිරීම ගෝලීය තිරසර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීම වේගවත් කිරීමට වේදිකාවක් බවට පත් වනු ඇතැයි ඉන්දුනීසියාව බලාපොරොත්තු වේ. ගෝලීය තිරසර සංවර්ධන ඉලක්ක වේගවත් ව සාක්ෂාත් කර ගැනීමේ පසුබිම යටතේ චීනය සමඟ මිත්‍රශීලී සහයෝගීතාව අඛණ්ඩව කරගෙන යාමට ඉන්දුනීසියාව සූදානම් වන බව ද Joko Widodo මහතා කියා සිටියේය.

ලබන මාසයේ පැවැත්වීමට නියමිත G20 කණ්ඩායමේ නායක සමුළුවේ තේමාව "පොදු ප්‍රකෘතිය, ප්‍රබල ප්‍රකෘතිය" යන්න වන අතර ඉන් ‍මෙවර සමුළුව කෙරෙහි ජාත්‍යන්තර ප්‍රජාවේ අපේක්ෂාවන් පිළිබිඹු කෙරේ. ගෝලීය ආර්ථික ප්‍රකෘතිය සඳහා චීනය වැදගත් කාර්යභාරයක් ඉටු කර ඇත. ලොව විවිධ රටවල් නැවත එක්ව ක්‍රියා  කරන අවස්ථාවේදී චීනය සහයෝගීතාවේ නව ආදර්ශයක් වනු ඇතැයි තමා බලාපොරොත්තු වන බව Joko Widodo මහතා සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම