හරිත, අවකාබන් හා තිරසර සංවර්ධන මාවතේ ගමන් කිරීමේ චීනයේ අධිෂ්ඨානය වෙනස් නොවේ
2022-10-20 20:05:33
Share with:

හරිත, අවකාබන් හා තිරසර සංවර්ධන මාවතේ ගමන් කිරීමේ චීනයේ අධිෂ්ඨානය වෙනස් නොවන බව අවධාරණය කෙරේ.

මෑතදී බලශක්ති අර්බුදය හේතුවෙන් බොහෝ යුරෝපා රටවල් වායු විමෝචනය හා ගල් අඟරු භාවිතය අවම කිරීමේ ක්‍රියාවලිය කල් දමා තිබේ. මේ පිළිබඳව අදහස් දක්වමින් චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක වං වෙන් බින් මහතා අද (20) බෙයිජිං හි පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී කියා සිටියේ චීනය හරිත, අවකාබන් හා තිරසර සංවර්ධන මාවතේ ගමන් ගන්න අධිෂ්ඨානය වෙනස් නොවන බවයි. ගත වූ වසර 10 තුළ චීනය එම මාවතේ අඛණ්ඩව නියැළී සිටින අතර එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාසයට මුහුණ දීමේ බහුපාර්ශ්වික ක්‍රියාවලියට එක්ව සිටී. පැරිස් ගිවිසුම ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් චීනය දැවැන්ත මෙහෙවරක් ඉටු කර ඇත. එමෙන් ම බොහෝ සංවර්ධනය වෙමින් පවතින රටවලට දේශගුණ විපර්යාසයට මුහුණ දීමේ හැකියාවන් ඉහළ නංවාලීම සඳහා චීනය උපරිමයෙන් සහය ලබා දී තිබෙන බව ද වං වෙන් බින් මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කළේ ය.

 

ගුවන් විදුලිය
20240420සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම