බ්‍රික්ස් සංවිධානයට තවත් නව සාමාජිකයන් එක් වීම සඳහා චීනයේ සහාය
2022-10-20 20:02:23
Share with:

බ්‍රික්ස් සංවිධානයට තවත් නව සාමාජිකයන් එක් වීම සඳහා සක්‍රීය සහයක් ලබා දෙන බව චීනය පවසයි.

පසුගිය දා සෞදි අරාබිය බ්‍රික්ස් සංවිධානයට එක් වීමේ කැමැත්ත පළ කළේය. මේ පිළිබඳව අදහස් දක්වමින් චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක වං වෙන් බින් මහතා අද (20) බෙයිජිං හි පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී කියා සිටියේ බ්‍රික්ස් සංවිධානයට තවත් නව සාමාජිකයන් එක්වීම චීනය පිළිගන්නා බවයි.

ගත වූ වසර 16 තුළ බ්‍රික්ස් රටවල් අතර පවතින සහයෝගිතාව සරු ප්‍රතිඵල අත්කරගෙන තිබේ. බ්‍රික්ස් සහයෝගිතා යාන්ත්‍රණය ජගත් ප්‍රජාවේ පුළුල් පිළිගැනීමට ලක් ව ඇත. මේ වන විට මෙම යාන්ත්‍රණයට එක් වීම සඳහා බොහෝ රටවල් කැමැත්ත පළ කර ඇත.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම