චීනයේ FAST ගුවන් විදුලි දුරේක්ෂය අජටාකාශයේ විශාලතම පරමාණුක වායු ව්‍යුහය සොයා ගනී
2022-10-20 09:54:18
Share with:

“චීන අහස් ඇස" හෙවත් FAST ගුවන් විදුලි දුරේක්ෂය අජටාකාශයේ විශාලතම පරමාණුක වායු ව්‍යුහය සොයා ගනී 

“චීන අහස් ඇස" හෙවත් FAST ගුවන් විදුලි දුරේක්ෂය, ලොව විශාලතම තනි විවරය සහිත සහ වඩාත් සංවේදී ගුවන් විදුලි දුරේක්ෂයයි.පසුගිය දා චීන විද්‍යා ඇකඩමියේ ජාතික තාරකා විද්‍යා නිරීක්ෂණාගාරය රූප නිරීක්ෂණ සඳහා FAST ගුවන් විදුලි දුරේක්ෂය භාවිත කර ආලෝක වර්ෂ මිලියන 2 ක පමණ පරිමාණයකින් යුතු විශාල පරමාණුක වායු පද්ධතියක් සොයා ගත ඇත.  එය මෙතෙක් අජටාකාශය තුළ මානවයා විසින් සොයාගෙන ඇති විශාලතම පරමාණුක වායු පද්ධතියයි.එම විද්‍යා ජයග්‍රහණ ඊයේ(19) "Nature" ජාත්‍යන්තර ශාස්ත්‍රීය සඟරාවේ පළ කර ඇත.

අජටාකාශය තුළ තවත් එවැනි මහා පරිමාණ අඩු ඝනත්ව පරමාණුක වායු ව්‍යුහයන් තිබිය හැකි බව මෙම සොයාගැනීමෙන් විශ්වාස කෙරේ. එය තාරකා මණ්ඩලය සහ ඒවායේ වායුන් පිළිබඳ අධ්‍යයනයන්  නව දිශාවන් වෙත යොමු කෙරෙනු ඇතැයි විශ්වාස කෙරේ.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම