චීන ලක්ෂණ සහිත සමාජවාදී ක්‍රමයේ සාර්ථකත්වයට හේතුව චීන කොමියුනිස්ට් පක්ෂය බව චීනයේ ශ්‍රී ලංකා තානාපතිවරයා පවසයි
2022-10-19 19:09:46
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ ශක්තිමත් නායකත්වය සහ ජනතාව කේන්ද්‍ර කරගත් චින්තනය, චීන ලක්ෂණ සහිත සමාජවාදී ක්‍රමයේ සාර්ථකත්වයට හේතුව බව චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා පවසයි. මෑතකදී CGTN  නාලිකාව සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් හෙතෙම මේ බව පැවසීය.

චීනයේ මහා පරිමාණ යටිතල පහසුකම් සහ වේගවත් නාගරික සංවර්ධනය මෙන්ම, ස්වභාවික සම්පත් ආරක්ෂා කිරීමට චීනය දරන උත්සාහය පිළිබඳ, තමන් මවිත වන බවද හෙතෙම කීය. චීන ජනතාවගේ විශ්වාසය සහ ශුභවාදී බව සහ යහපත් ජීවිතයක් සඳහා ඔවුන්ගේ අපේක්ෂාවන් ද මැනවින් දැකිය හැකි බව ද තානාපතිවරයා පැවසීය.

අන්ත දරිද්‍රතාවය තුරන් කිරීමේ ඉලක්කය කාර්යක්ෂමව ඉටු කිරීමට චීනයට හැකිව ඇත්තේ මෙවැනි දේශපාලන ක්‍රමයක් මත පදනම් වීම හේතුවෙන් බව, ආචාර්ය පාලිත කොහොන මහතා අවධාරණය කළේ ය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම