චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වයෙන් චීනය සිය දෙවන සියවස් ඉලක්කය සපුරා ගනු ඇති බවට රටවල් රැසක දේශපාලන නායකයෝ විශ්වාස පළ කරති
2022-10-19 10:14:44
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය යටතේ චීන ජනතාව නියමිත පරිදි දෙවන සියවස් ඉලක්කය සපුරා ගනිමින් ලෝක සාමයට සහ සංවර්ධනයට වැදගත් දායකත්වයක් සපයනු ඇති බව රටවල් රැසක දේශපාලන නායකයෝ විශ්වාසය පළ කරති.

 චීන මාධ්‍ය සමූහයේ වාර්තාකරුවන් සමඟ විශේෂ සම්මුඛ සාකච්ඡාවන්ට එක්වෙමින් ඔවුහූ මේ බව පැවසූහ. පසුගිය 16වැනිදා ආරම්භ වූ චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වන ජාතික කොංග්‍රසය මේ දිනවල බෙයිජිං නගරයේ දී පැවැත්වේ.

චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වන ජාතික කොංග්‍රසයේ ප්‍රතිඵල සමගින් සමස්ත චීන ජනතාවට ගෙනෙන  ප්‍රතිලාභ හරහා නව සමාජවාදී රටක් ගොඩනැගීමේ චීනයේ නව ගමනට ප්‍රබල ජවයක් සපයනු ඇති බව  ලාඕස මහජන විප්ලවවාදී පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ප්‍රධාන ලේකම් සහ ජනාධිපති තොන්ග්ලූන් සිසොලිත් මහතා විශ්වාසය පළ කර ඇත.

වියට්නාමයේ කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභික සහ විදේශ අමාත්‍ය Bui Thanh Son කියා සිටියේ චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය යටතේ චීන ජනතාව නිසැකවම දෙවන  සියවස් ඉලක්කය සම්පූර්ණ කර චීනය ශක්තිමත්, සමෘද්ධිමත්, ප්‍රජාතන්ත්‍රවාදී, සුන්දර නවීකරණ සමාජවාදී රටක් බවට පත්වනු ඇති බවයි. අඛණ්ඩව සංවර්ධනය වන චීනයට, කලාපීය සහ ගෝලීය සාමය, සහයෝගීතාව සහ සංවර්ධනය සඳහා  පුළුල් ධනාත්මක දායකත්වයක් ලබා දීමට වියට්නාමය සහාය වන බව  ද හෙතෙම පැවසීය.

ගුවන් විදුලිය
20240417බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම