චීනය සැබෑ බහුපාර්ශ්වවාදය අනුගමනය කිරීමේ අධිෂ්ඨානය වෙනස් නොකරයි
2022-10-19 20:44:28
Share with:

චීනය සැබෑ බහුපාර්ශ්වවාදය අනුගමනය කිරීමේ අධිෂ්ඨානය වෙනස් නොකරන බව චීන විදේශ අමාත්‍යංශය පවසයි.

චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Wang Wenbin මහතා අද(19) පැවති මාධ්‍ය හමුවකදී මේ බව පැවසීය. චීන කොමියුනිස්ට් පක්ෂයේ 18 වැනි ජාතික කොංග්‍රසයෙන් පසු බහුතර රටවල පොදු ප්‍රතිලාභය වෙනුවෙන් චීනය තිරසරව අන්‍යෝන්‍ය වශයෙන් ගරු කිරීම, සාධාරණ භාවය, යුක්තිය හා සහයෝගිතාවෙන් පොදු ජයග්‍රහණය සහිත නව ජාත්‍යන්තර සබඳතාව ගොඩනැගීම ප්‍රවර්ධනය කරමින් සිටී. චීනය වත්මන් ජාත්‍යන්තර පටිපාටිය ස්ථීර ලෙස රැක ගන්නා රටකි. එක්සත් ජාතීන්ගේ සංවිධානය කේන්ද්‍ර කර ගන්නා ජාත්‍යන්තර පද්ධතිය, ජාත්‍යන්තර නීතිය පදනම් කර ගන්නා ජාත්‍යන්තර පටිපාටිය, ලෝක වෙළඳ සංවිධානය කේන්ද්‍ර කර ගන්නා බහුපාර්ශ්වික වෙළඳ ක්‍රමය චීනය තිරසරව ආරක්ෂා කරන බව ච Wang Wenbin මහතා කියා සිටියේය.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම