ගෝලීය සංවර්ධන මුලපිරීම නව යුගයේ චීන රාජ්‍ය තාන්ත්‍රිකභාවයේ වගකීම් සහගත හැඟීම ඉස්මතු කරවන්නක්
2022-10-19 20:42:02
Share with:

ගෝලීය සංවර්ධන මුලපිරීම නව යුගයේ චීන රාජ්‍ය තාන්ත්‍රිකභාවයේ වගකීම් සහගත බව ඉස්මතු කරවන බව, චීන විදේශ අමාත්‍යංශය පවසයි.

චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක Wang Wenbin මහතා අද(19) පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේ, පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ, චීන ජනාධිපති ෂී ජින් පිං මහතා 76 වැනි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ සාමාන්‍ය සාකච්ඡා සමුළුවේ දී, ගෝලීය සංවර්ධන මුලපිරීම ඉදිරිපත් කළ  බවයි.

සංවර්ධන ගැටළු කෙරෙහි නැවත අවධානය යොමු කිරීමට ජාත්‍යන්තර ප්‍රජාව තල්ලු කිරීම මෙන්ම, සංවර්ධන ගැටළු විසඳීම සඳහා චීන ප්‍රඥාව සහ චීන විසඳුම් දායක කිරීම, එහි අරමුණයි.

මේ වන විට රටවල් 100කට අධික සංඛ්‍යාවක් සහ බොහෝ ජාත්‍යන්තර සංවිධාන මෙම මුලපිරීමට සහයෝගය ලබා දී ඇත.

ගෝලීය සංවර්ධන මුලපිරීම, චීනය සහ ආසියාන් සංවිධානය, මධ්‍යම ආසියාව, අප්‍රිකාව, ලතින් ඇමරිකාව, පැසිෆික් දූපත් රටවල් යනාදී සහයෝගිතා ලේඛනවල සඳහන් බව, Wang Wenbin මහතා එහිදී සඳහන් කළේ ය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම