චීනය නීතියේ පාලනය වඩාත් ශක්තිමත් කරයි
2022-10-19 18:47:05
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වන ජාතික කොංග්‍රසයේ වාර්තාව චීනයේ නීතියේ පාලනය තවදුරටත් ඉදිරියට ගෙන යාම සඳහා මඟපෙන්වීමක් ලබා දෙයි.

චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වැනි ජාතික කොංග්‍රසයේ 3වන මාධ්‍ය හමුව අද (19) බෙයිජිංහි පැවැත්විණ. නීතියේ පාලනය පිළිබඳ ජනාධිපති ෂී ජින් පිං මහතාගේ චින්තනය පෙරදැරි කරගෙන නීතිමය වශයෙන් වඩාත් ඉහළ මට්ටමේ චීනයක් ගොඩ නැගීම එහිදී අවධානයට යොමු කෙරිණ.

චීන කොමියුනිස්ට් පක්ෂයේ 18වැනි ජාතික කොංග්‍රසය පැවැත්වීමෙන් පසු මේ දක්වා නීතියේ පාලනය පිළිබඳ ජනාධිපති ෂී ජින් පිං මහතාගේ චින්තනය අනුව චීනයේ සමාජවාදී නීතියේ පාලනය වැඩිදුරටත් තහවුරු කර ඇත. චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන හා නීති කොමිසමේ නියෝජ්‍ය මහ ලේකම් යින් බයි මහතා  මාධ්‍ය හමුවනට එක් වෙමින් ගෙවී ගිය වසර 10යේ චීනයේ නීතියේ පාලනය ලබාගෙන ඇති ජයග්‍රහණ අගය කළේ ය.

 සමාජ ස්ථාවරත්වය රටක සමෘද්ධිමත් වීමේ වැදගත් පදනමකි.ලොව අවම මිනීමැරුම්, අපරාධ සිද්ධීන් සහ අවි හා ‍බෝම්බ පිපිරීම් සිද්ධීන් වාර්තා වන රටවල් අතර චීනය සිටින බව චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වැනි ජාතික කොංග්‍රසයේ වාර්තාව සඳහන් කරයි. ඉදිරියේදී චීනය නීතියේ පාලනය වඩාත් ශක්තිමත් කරන බවත්, බුද්ධිමය දේපළ අයිතීන් සුරැකීමේ නීතිය වඩාත් සම්පූර්ණ කරන බවත්, එම මාධ්‍ය හමුවේදී අවධාරණය කෙරිණ.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම