චීන කොමියුනිස්ට් පක්ෂය සමස්ත ක්‍රියාවලියේ ජනතා ප්‍රජාතන්ත්‍රවාදය සංවර්ධනය කරමින් ජනතාව රටේ හිමිකරුවන් වීම සහතික කරයි
2022-10-19 09:57:05
Share with:

සමස්ත ක්‍රියාවලියේ ජනතා ප්‍රජාතන්ත්‍රවාදය චීන ජනතාව රටේ හිමිකරුවන් වීම සහතික කරයි. 

සමස්ත ක්‍රියාවලියේ ජනතා ප්‍රජාතන්ත්‍රවාදය සමාජවාදී ප්‍රජාතාන්ත්‍රික දේශපාලනයේ අත්‍යවශ්‍ය ගුණාංගයයි.ඉතාමත් පුළුල්, ඉතාමත් ප්‍රායෝගික සහ සැබෑම ප්‍රජාතන්ත්‍රවාදය ද එයයි.පසුගිය 16 වනදා  චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වන ජාතික කොංග්‍රසයට අමතා චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහ ලේකම්, ජනාධිපති ෂී ජින්පිං මහතා වාර්තාවක් ඉදිරිපත් කරමින් සමස්ත ක්‍රියාවලියේ ජනතා ප්‍රජාතන්ත්‍රවාදයේ ලක්ෂණ හා වාසි පිළිබඳව පූර්ණ ලෙස විස්තර කළේය.

එය නව යුගයේ චීන සමාජවාදී ප්‍රජාතන්ත්‍රවාදය සංවර්ධනය කිරීමට මග පෙන්වන්නකි.ඉන් චීන ප්‍රජාතන්ත්‍රවාදයේ ගුණාත්මකභාවය නිරීක්ෂණය කිරීමට ජාත්‍යන්තර ප්‍රජාවට වැදගත් කවුළුවක් ද විවෘත කර ඇත.

සමස්ත ක්‍රියාවලියේ ජනතා ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රධාන කොටස , සියලු චීන ජනතාවයි.එහි ලක්ෂණ සහ වාසි සමස්ත ක්‍රියාවලිය තුළම පවතී. එම ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය හරහා ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ, උපදේශනය, තීරණ ගැනීම, කළමනාකරණය සහ අධීක්ෂණය ඒකාබද්ධ සම්බන්ධ කර ඇත.එමගින් රටේ දේශපාලන හා සමාජ ජීවිතයේ සෑම අංශයකම ජනතාවගේ හඬට සවන් දිය හැකි වන අතර ජනතාවගේ අභිලාෂයන් ඉදිරිපත් කළ හැකිය.එම ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය හේතුවෙන් චීන ජනතාවට සැබවින්ම රටේ හිමිකරුන් බවට පත්වීමට ඉටු කර ඇත.

ලෝකයේ විවිධත්වයන් පවතී.ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය කිසිවිටෙකත් සමාන නොවේ.චීන කොමියුනිස්ට් පක්ෂය සමස්ත ක්‍රියාවලියේ  ජනතා ප්‍රජාතන්ත්‍රවාදය සංවර්ධනය කරමින් ජනතාව රටේ හිමිකරුවන් බව සහතික කරමින් මානව දේශපාලන ශිෂ්ටාචාරය පෝෂණය කිරීමට සහ සංවර්ධනය කිරීම සඳහා චීන දායකත්වය ලබා දෙනු ඇත.‍‍‍

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම