සංහිඳියාව පිළිබඳ කැබිනට් අනුකාරක සභාවක්
2022-10-18 18:36:12
Share with:

සංහිඳියාව පිළිබඳ කැබිනට් අනුකාරක සභාවක් පත්කර තිබේ.

ඊයේ (17) පස්වරුවේ රැස්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මෙම කැබිනට් අනුකාරක සභාව පත්කිරීමට තීරණය කළ බව අමාත්‍ය මණ්ඩලයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් එම සභාවට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ, ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද, විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි යන මහත්වරුන් පත්කර ඇති බව වාර්තා වේ.

දෙමළ ඩයස් පෝරාව, දෙමිළ පක්ෂ, රටතුළ දෙමිළ ජනතාවගේ ගැටලු සහ මතවාද මෙන්ම මෙරට ජනතාවගේ සන්හිඳියාව සම්බන්ධව පැනනැගී ඇති ගැටලු පිළිබඳව සොයාබලා විසඳුම් සෙවීම සඳහා කටයුතු කිරීම එම අනුකාරක සභාවට පැවරී තිබේ.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම