චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Wang Wenbin මහතා අද(18) පැවති මාධ්‍ය හමුවකදී, පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාව යන සංකල්පය වත්මන් ලෝකයට වැදගත් වන අයුරු පිළිබඳ පැහැදිලි කළේ ය.
පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාව ගොඩනැගීම යන සංකල්පයට, වත්මන් යුගයේ සුවිශේෂී වටිනාකමක් ඇති අතර, මෙය මානව සංවර්ධනය හා ප්‍රගතිය සඳහා ඉදිරි මාවත පෙන්වා දෙන බව, Wang Wenbin මහතා සඳහන් කළේ ය.
චීන කොමියුනිස්ට් පක්ෂයේ 18වන ජාතික කොංග්‍රසයේ සිට, "කවරාකාරයේ ලෝකයක් සෑදිය යුතුද? " සහ "මේ ලෝකය ගොඩනඟන්නේ කෙසේද" යන යුගයේ ප්‍රශ්න මධ්‍යයේ, චීන ජනාධිපති ෂී ජින් පිං මහතා මානව වර්ගයාගේ අනාගතය සහ ඉරණම ගැන ගැඹුරින් සිතා, පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාව ගොඩනැගීම යන වැදගත් සංකල්පය ඉදිරිපත් කර තිබේ.
චීනය, පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාව ප්‍රවර්ධනය කරන්නා පමණක් නොව, මෙම සංකල්පය ක්‍රියාත්මක කරන්නා ද බව, Wang Wenbin මහතා පැවසීය.
"සාමකාමී සංවර්ධන මාවතට අනුගත වීම" තම ව්‍යවස්ථාවට අන්තර් ගත කර ඇති ලොව එකම රට චීනයයි. සදාකාලික සාමකාමී ලෝකයක් ගොඩනැගීම සඳහා, එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම්වලට මෙන්ම, ජාත්‍යන්තර අවි පාලනය, නිරායුධකරණය සහ නිර්ව්‍යප්ත ක්‍රියාවලියට ද, චීනය ක්‍රියාකාරීව සහභාගී වන බව, Wang Wenbin මහතා එහිදී කියා සිටියේ ය.