ජාතික නිදහස් පෙරමු‍ණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ගෙන් චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වන ජාතික කොංග්‍රසයට හෘදයාංගම සුබ පැතුම්
2022-10-18 09:36:45
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වන ජාතික කොංග්‍රසයට හෘදයාංගම සුබ පැතුම් පිරිනමන බව ජාතික නිදහස් පෙරමු‍ණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි. චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වයෙන් චීනයට ආවේණිකවූ සංවර්ධන ක්‍රියාමාර්ගයක් හඳුන්වා දී ඇතැයි ද හෙතෙම කියා සිටී. ඉන් ‍චීනයට පමණක් නොව ලෝකයට ද ප්‍රතිලාභ රැසක් අත්වී තිබේ. විශේෂයෙන් වත්මන් චීන ජනාධිපති ෂි ජින්පිං මහතා හඳුන්වා දුන් එක් තීරයක් එක් මාවතක් වැඩසටහනෙන් ඊට සම්බන්ධ රටවලට අවස්ථා රැසක් ජනිත කර ඇතැයි ද වීරවංශ මහතා පවසයි. ජාතික නිදහස් පෙරමු‍ණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ලබා දුන් එම සුබ පැතුම් පණිවුඩය පහත වීඩියෝවෙන්.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම