චීනය එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම්වල තීරණාත්මක බලය බවට පත්වේ
2022-10-18 19:38:09
Share with:

චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Wang Wenbin මහතා අද(18) පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේ පොදු ඉරණමක් සහිත මානවය ප්‍රජාව ගොඩනැගීම ප්‍රවර්ධනය කිරීම, චීනය එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුමට එක්වීමේ මුල් අභිලාෂය හා මෙහෙවරට සම්බන්ධ බවයි. මෑතකදී දකුණු සුඩානයේ සාම සාධක පාබල හමුදා බල ඇණියට යොමු කළ 8 වැනි කාණ්ඩයේ භටයන් 700ක් හා Abyei වෙත යොමු කළ දෙවැනි කාණ්ඩයේ සාම සාධක හෙලිකොප්ටර් කණ්ඩායමේ භට‍යන් 86ක් එක්සත් ජාතීන්ගේ සාම ගෞරව පදක්කම ලබා ගෙන තිබේ. ඒ සමබ්න්ධයෙන් Wang Wenbin මහතා පැවසුවේ ගෙවී ගිය වසර 30 තුළ චීනය රටවල් හා ප්‍රදේශ 20කට වැඩි ප්‍රමාණයක් වෙත සාම සාධක භටයන් 50000කට වැඩි පිරිසක් යොමු කර එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් 30ක‍ට පමණ එක් වී ඇති බවයි. වැඩි ම සාම සාධක භටයන් යොමු කරන එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ස්ථාවර සාමාජික රටක් ‍හා සාම සාධක මෙහෙයුම් වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දෙවැනි වැඩි ම පිරිවැයක් දරන රටක් වන චීනය එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුමේ තීරණාත්මක බලය බවට පත්ව ඇති බව හෙතෙම අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම