චීන නවීකරණය ජනතා සංවර්ධනය කේන්ද්‍ර කරගත් නවීකරණය පිළිබඳ නව ආදර්ශනයක්
2022-10-18 13:25:25
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වන ජාතික කොංග්‍රසය ඉකුත් 16 වැනි දා බෙයිජිං නගරයේ දී ආරම්භ කෙරිණ. කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති ෂී ජින් පිං මහතා, 19වන මධ්‍යම කාරක සභාව නියෝජනය කරමින් 20වන ජාතික කොංග්‍රසයේ සමාරම්භක සම්මේලනයේ දී වාර්තාවක් ඉදිරිපත් කළේ ය.

චීන ලක්ෂණ සහිත නවීකරණය යනු, චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය යටතේ ක්‍රියාත්මක සමාජවාදී නවීකරණය බව හෙතෙම එහිදී අවධාරණය කළේය. විවිධ රටවලට අයත් නවීකරණයන් හි පොදු ලක්ෂණ මෙන් ම චීනයේ අනන්‍යතාවන්ට ගැලපෙන සුවිශේෂ ලක්ෂණයන් ද ඊට ඇතුළත් ය. දැවැන්ත ජනගහණයකින් යුත් චීනයේ නවීකරණය, ජනතාවාදීභාවයෙන් පිරිපුන් පොදු පොහොසත්කමෙන් යුතු නවීකරණයයි. එය භෞතික හා ආධ්‍යාත්මික ශිෂ්ටාචාර සුසංයෝග වූ නවීකරණයක් මෙන්ම, මිනිසා හා සොබාදහම අතර සංහිඳියා පැවැත්මක් සහිත නවීකරණයක් ලෙස ද හඳුන්වා දිය හැකිය. එසේම, චීන නවීකරණය සාමකාමී සංවර්ධනය කෙරෙහි අවධානය යොමුකර ඇතැයි ද ෂී ජින් පිං මහතා සිය වාර්තාවෙන් අවධාරණය කර තිබේ.

චීනයේ නවීකරණය ‘ ජනතා කේන්ද්‍රීය දැක්ම ’ මත පදනම් වූවකි. සහයෝගිතාව මගින් පොදු-ජයග්‍රාහී බව අත්කර ගැනීම එහිදී ප්‍රමුඛතාව හිමිවන කරුණකි. චීන කොමියුනිස්ට් පක්ෂයේ 19වන ජාතික කොංග්‍රසයේ දී චීනය සමාජවාදී නවීන බලවත් රටක් ලෙස පූර්ණ වශයෙන් ගොඩනැංවීම සඳහා වන උපායමාර්ගික පියවර 2ක් හඳුන්වා දෙනු ලැබීය. මෙවර 20වැනි ජාතික කොංග්‍රසයේදී ෂී ජින් පිං මහතා ‘අනාගත වසර 5, සමාජවාදී නවීන රටක් ලෙස චීනය පූර්ණ වශයෙන් ගොඩනැංවීමේ සමාරම්භක, වැදගත් කාලය’ ලෙස හඳුන්වා දී තිබේ. එසේ ම, එහි ‘ මූලික මෙහෙයුම වන්නේ අධි ගුණාත්මකභාවයෙන් යුත් සංවර්ධනය සාක්ෂාත් කිරීම ’ බව ද හෙතෙම පෙන්වා දී තිබේ.

නිශ්චිත, අධිකාරිමය ආකෘතියක් මත පදනම් වූ නවීකරණයක් ලෝකයේ නැත. එසේම, සියලු පාර්ශ්වයන්ට එකසේ ගැලපෙන නවීකරණ සම්මතයක් ද දැකිය නොහැක. චීනයේ නවීකරණය තමා සංවර්ධනය කරගනිමින් ලෝකයට ද සුබසෙත සැලසීම විශේෂත්වයකි.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම