එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ පැරණි භූ දේශපාලන රාමුවෙන් බැහැර වන නව ජගත් සහයෝගිතා ක්‍රමයක්
2022-10-18 20:07:24
Share with:

                  

                  එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ පැරණි භූ දේශපාලන රාමුවෙන් බැහැර වන නව ජගත් සහයෝගිතා ක්‍රමයක් බව චීනය පවසයි.

                  චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක වං වෙන් බින්  මහතා අද (18) බෙයිජිං හි පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී මේ බව පැවසීය. එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ චීනය විසින් ඉදිරිපත් කර වසර 9ක් ගත වී ඇත. මෙම වැඩපිළිවෙළ සීමිත සාමාජික රටවල් සහභාගි වන කුඩා කවයක් ‍නොව ඉතා විවෘත ජගත් සහයෝගිතා වේදිකාවක් බව ඔහු එහිදී පෙන්වා දුන්නේ ය.‍ පසුගිය අගෝස්තු මාසය වන විට චීනය එම වැඩපිළිවෙළට එක් වූ රටවල් සමග සිදු කළ භාණ්ඩ වෙළඳ වටිනාකම ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 12ක් දක්වා ඉහළ ගොස් ඇත.2021 වසර වන විට එම වැඩපිළිවෙළ යටතේ චීන ව්‍යවසායන් අදාළ රටවල ආර්ථික හා වෙළඳ සහයෝගිතා කලාප ඉදිකිරීම සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 43ක ආයෝජනයක් සිදු කර තිබේ. එමගින් එම රටවල් වෙනුවෙන් රැකියා අවස්ථා 3 ලක්ෂ 40 දහසක් නිර්මාණය වී ඇතැයි වං වෙන් බින්  මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.               

ගුවන් විදුලිය
20240326අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම