චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වන ජාතික කොංග්‍රසයේ විධායක මණ්ඩලයේ 2වන රැස්වීම චීන ජනාධිපතිවරයා ගේ ප්‍රධානත්වයෙන්
2022-10-18 19:44:43
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වන ජාතික කොංග්‍රසයේ විධායක මණ්ඩලයේ 2වන රැස්වීම පැවැත්වෙයි.

අද (18) සවස බෙයිජිං අගනුවර මහජන මහ ශාලාවේ පැවති එම රැස්වීම ජනාධිපති ෂී ජින් පිං මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ. චීන කොමියුනිස්ට් පක්ෂයේ 19වනි මධ්‍යම කාරක සභා වාර්තාව

, චීන කොමියුනිස්ට් පක්ෂයේ විනය පරීක්ෂාව පිළිබඳ 19වැනි මධ්‍යම කොමිසමේ කාර්ය සාධන වාර්තාව සහ චීන කොමියුනිස්ට් පක්ෂ ව්‍යවස්ථා සං‍ශෝධනය සඳහා වන තීරණ කෙටුම්පත්, එහිදී ජාතික කොංග්‍රසයට එක්ව සිටින විවිධ නියෝජිත කණ්ඩායම් වෙත ඉදිරිපත් කිරීම සම්මත කෙරිණ.

එමෙන් ම පක්ෂයේ 20වන මධ්‍යම කාරක සභාවේ සාමාජිකයන් හා විකල්ප සාමාජිකයන්, චීන කොමියුනිස්ට් පක්ෂයේ විනය පරීක්ෂාව පිළිබඳ 20වන මධ්‍යම කොමිසමේ අපේක්ෂික සාමාජිකයන් පිළිබඳ යෝජිත නාම ලේඛන එහිදී සම්මත කෙරිණ. එම යෝජිත නාම ලේඛන විවිධ නියෝජිත කණ්ඩායම් වෙත ඉදිරිපත් කිරීමට ද නියමිත ය.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම