චීන - උගන්ඩා රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවයේ 60වැනි සංවත්සරය නිමිත්තෙන් දෙරට ජනාධිපතිවරුන්ගෙන් සුබ පැතුම්
2022-10-18 11:01:20
Share with:

චීනය හා උගන්ඩාව අතර රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාව පිහිටුවීමේ 60වැනි සංවත්සරය නිමිත්තෙන් දෙරට ජනාධිපතිවරු සුබ පැතුම් පණිවුඩ හුවමාරු කර ගනිති.

උගන්ඩාව සමග සම්බන්ධතාව තමා උපරිම වැදගත් කොට සලකන බව චීන ජනාධිපති ෂී ජින්පිං මහතා අද(18) යොමු කළ සුබ පැතුම් පණිවුඩයේ දැක්වේ. ජනාධිපති Yoweri Kaguta Museveni මහතා සමග එක්ව දෙරට රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාව පිහිටුවීමේ 60වැනි සංවත්සරය නිමිති කරගනිමින් ‘එක් තීරයක් එක් මාවතක්’ හා ‘චීන අප්‍රිකා සහයෝගතා සාකච්ඡා’ යන රාමු තුළ විවිධ ක්ෂේත්‍රගත සහයෝගතා පුළුල් කිරීමට තමා කැමැත්තෙන් පසු වන බව ද ඔහු කියාසිටියි. දෙරට ජනතාවගේ සුබසෙත තහවුරු කරමින්, නවයුගයේ පොදු ඉරණමක් සහිත චීන - අප්‍රිකා ප්‍රජාව එක්ව ගොඩනැගීමට චීනය සූදානම් බවත් ෂී ජින්පිං මහතා අවධාරණය කර ඇත.

අඛණ්ඩව පුළුල් වන උගන්ඩා - චීන මිත්‍රශීලි සහයෝගතා තුළින් දෙරට ජනතාවට ඉහළ සුබසාධන ලබාදිය හැකි අතරම, ලෝක සාමය, ස්ථාරවත්වය හා සහයෝගතාවට කැපකිරීම් ඉටු කළ හැකි යැයි ද තමා විශ්වාස කරන බව උගන්ඩා ජනාධිපති Yoweri Kaguta Museveni මහතා සිය සුබ පැතුම් පණිවුඩයෙන් පවසා තිබේ.

ගුවන් විදුලිය
20240329සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම