දූෂණ මර්දනය යනු නොනවතින ක්‍රියාන්විතයක් බව චීනය පවසයි.
2022-10-18 18:54:31
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ විනය පරීක්ෂාව පිළිබඳ මධ්‍යම කොමිසමේ උප ලේකම්, ජාතික අධීක්ෂණ කමිටුවේ උප අධ්‍යක්ෂ Xiao Pei මහතා ඊයේ(17) පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේ දූෂණ මර්දනය යනු ඉදිරියටම ගමන් කරන දෙයක් මිස පසුපසට ගමන් නොකරන්නක් බවයි. දූෂණ මර්දන සටන දැඩි‍ ලෙස ජයග්‍රහණය කළ යුතු ය. දූෂණ මර්දන සටන කිසි විටෙකත් නතර නොකෙරේ. චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහ ලේකම් ෂී ජින් පිං මහතා චීන කොමියුනිස්ට පක්ෂයේ 18 වැනි ජාතික කොංග්‍රසයේ දී පැවසුවේ ඕනෑම ඉහළ තනතුරක් දරන පුද්ගලයෙකු පක්ෂයේ විනය හා ජාතික නීතිය උල්ලංඝනය කළහොත් දැඩි ලෙස විමර්ශනය කරමින් දඬුවම් කළ යුතු බවයි. චීන ජනාධිපතිවරයාගේ එම පොරොන්දුව පක්ෂය අකුරට ම ඉටු කර තිබෙන බව Xiao Pei මහතා අවධාරණය කර තිබේ.

ගුවන් විදුලිය
20240415සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම