චීන ලක්ෂණයෙන් යුත් නවීකරණය චීන දේශීය තත්ත්වයට ගැලපෙන බව චීන ජනපති කියයි
2022-10-17 21:33:35
Share with:

චීන ලක්ෂණයෙන් යුත් නවීකරණය චීන දේශීය තත්ත්වයට ගැලපෙන බව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අවධාරණය කරයි.

චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වන ජාතික කොංග්‍රසයට එක්ව සිටින Guangxi ස්වයාත්තයේ නියෝජිත කණ්ඩායම සමග අද (17) සාකච්ඡාවකට එක් වූ අවස්ථාවේදී හෙතෙම මේ බව අවධාරණය කළේ ය. එම කණ්ඩායමේ නියෝජිතයන් 5 දෙනෙකුගේ දේශනවලට සවන් දීමෙන් පසු චීන ජනාධිපතිවරයා කියා සිටියේ චීන ලක්ෂණයෙන් යුත් නවීකරණය මගින් චීන ජාතික පුනර්ජීවනය සාක්ෂාත් කර ගැනීමේ කර්තව්‍යය කිසි විටෙකවත් අත් නොහරින බවයි.

නව යුගයේ චීන කොමියුනිස්ට් පක්ෂය සමාජවාදී නවීකරණ රට‍ක් ගොඩනැගීමේදී උපාය මාර්ගික ව පරිණත වී ඇති අතර අත්දැකීම් වලින්ද පොහොසත්ය.ඉන් චීන ලක්ෂණයෙන් යුත් නවීකරණය සාර්ථකව ප්‍රවර්ධනය හා පුළුල් වී ඇතැයි ෂී ජින් පිං ජනාධිපතිවරයා එහිදී පැවසීය. චීන කොමියුනිස්ට් පක්ෂය අඛණ්ඩව ස්වයං විප්ලවය ප්‍රවර්ධනය කළ යුතු අතර ඉන් චීන කොමියුනිස්ට් පක්ෂය චීන ලක්ෂණයෙන් යුත් සමාජවාදී කාර්යයේ තිරසර නායකත්ව හරය බවට පත් වන බව ද හෙතෙම සඳහන් කළේ ය.

චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වන ජාතික කොංග්‍රසය ඊයේ (16) බෙයිජිංහිදී ආරම්භ විය. චීන කොමියුනිස්ට් පක්ෂයේ පසුගිය මධ්‍යම කාරක සභාව නියෝජනය කරමින් චීන ජනාධිපති ෂී ජින් පිං මහතා එහිදී වාර්තාවක් ඉදිරිපත් කළේ ය. චීනයේ සියලු ජාතීන්ට අයත් ජනතාවට ‍මඟ පෙන්වමින් චීනය නවීකරණ සමාජවාදී රටක් බවට පත් කිරීම සහ දෙවන ශතවර්ෂ ඉලක්කය සැබෑ කිරීම, චීන කොමියුනිස්ට් පක්ෂයේ අනාගත කේන්ද්‍රීය කාර්යයන් බව චීන ජනාධිපතිවරයා එම වාර්තාවෙන් අවධාරණය කර තිබේ.

ගුවන් විදුලිය
20240420සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම