චීනය ඉහළ මට්ටමේ විවෘතකිරීම අනුගමනය කරයි
2022-10-17 10:52:52
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වන ජාතික කොංග්‍රසය 16වැනිදා බෙයිජිං හි මහජන මහ ශාලාවේදී ආරම්භ විය. චීන කොමියුනිස්ට් පක්ෂයේ 19 වැනි මධ්‍යම කාරක සභාව වෙනුවෙන් ෂී ජින්පිං මහතා කොංග්‍රසය වෙත වාර්තාව ඉදිරිපත් කරමින් පෙන්වා දුන්නේ චීනය උසස් තත්ත්වයේ සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමු කරන බවත් බාහිර ලෝකයට ඉහළ මට්ටමේ විවෘත කිරීමක් අනුගමනය කරන බවත්ය.

චීනය සමාජවාදී වෙළඳපොල ආර්ථික ප්‍රතිසංස්කරණ දිශානතියට අනුගත වන බවත්, රාජ්‍ය අංශයේ ආර්ථිකය අඛණ්ඩ ලෙස තහවුරු කර සංවර්ධනය කරන බවත්, පෞද්ගලික අංශයේ ආර්ථික සංවර්ධනය නොසැලෙන ලෙස දිරිගන්වමින්, ඊට සහාය සහ මඟ පෙන්වීම් ලබා දෙන බවත් එම වාර්තාව පෙන්වා දෙයි.

දේශීය චක්‍රය ප්‍රධාන කොටස ලෙසත් දේශීය හා ජාත්‍යන්තර ද්විත්ව චක්‍ර එකිනෙක ප්‍රවර්ධනය කරමින් චීනය නව සංවර්ධන රටාවක් ගොඩනැගීම වේගවත් කරනු ඇති බවත් එම වාර්තාව පෙන්වා දෙයි. එසේම, දේශීය චක්‍රයේ ආවේණික බලය සහ විශ්වසනීයත්වය ශක්තිමත් කිරීම, ජාත්‍යන්තර චක්‍රයේ ගුණාත්මකභාවය සහ මට්ටම වැඩිදියුණු කිරීම හා නවීන ආර්ථික පද්ධතියක් ගොඩනැගීම වේගවත් කිරීම සඳහා චීනය සැලසුම් කරනු ඇති බව ද එම වාර්තාව පෙන්වා දෙයි.

චීනය විවෘත කිරීමේ මූලික ජාතික ප්‍රතිපත්තියට අනුගත වන බවත්, අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සහ ජයග්‍රහණයේ විවෘත උපාය මාර්ගය ස්ථිරව අනුගමනය කරන බවත්, චීනයේ නව සංවර්ධනය සමඟ ලෝකයට නව අවස්ථා ලබා දීම සහ සියලුම රටවල ජනතාවට වඩා හොඳ ප්‍රතිලාභ ලබා දීම අඛණ්ඩව සිදු කරන බවත් ෂී ජින්පිං මහතා වාර්තාවෙන් පෙන්වා දුන්නේය. එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙල හරහා උසස් තත්ත්වයේ සංවර්ධනය ප්‍රවර්ධනය කරන චීනය, විවිධාංගීකරණය වූ සහ ස්ථාවර ජාත්‍යන්තර ආර්ථික රටාවක් සහ ආර්ථික හා වෙළඳ සබඳතා, පවත්වාගෙන යනු ඇතැයි ද එම වාර්තාව සඳහන් කරයි.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම