ගෝලීය පොදු සාමකාමී සහජීවනය වෙනුවෙන් චීනය අඛණ්ඩව කැපවන බව චීන ජනපති කියයි
2022-10-17 10:19:09
Share with:

චීනයේ පාලක පක්ෂය වන චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වන ජාතික කොංග්‍රසය බෙයිජිං නගරයේ පිහිටි මහජන මහ ශාලාවේ දී ඊයේ (16) ආරම්භ විය. චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහ ලේකම් ජනාධිපති  ෂී ජින්පිං මහතා චීන කොමියුනිස්ට් පක්ෂයේ 19 වැනි මධ්‍යම කාරක සභාව වෙනුවෙන් 20වන ජාතික කොංග්‍රසය වෙත වාර්තාවක් ඉදිරිපත් කළේය. චීනය සැමවිටම ලෝක සාමය ආරක්ෂා කිරීම සහ පොදු සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමේ විදේශ ප්‍රතිපත්ති අරමුණට අනුගත ව පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැගීමට කැපවී සිටී. සාමය, සංවර්ධනය, සමානාත්මතාවය, යුක්තිය , ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස යන පොදු වටිනාකම් ඉදිරියට ගෙන යන ලෙසට  ෂී ජින්පිං මහතා එම වාර්තාවෙන් සියලු රටවලින් ඉල්ලීමක්  ද ක‍ළේ ය.

දැඩි ලෙස සාමකාමී ස්වාධීන විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරන චීනය , සියලු ආකාරයේ අධිපතිවාදයට සහ බල දේශපාලනයට, සීතල යුද මානසිකත්වයට, වෙනත් රටවල අභ්‍යන්තර කටයුතුවලට  මැදිහත්වීම්වලට සහ ද්විත්ව ප්‍රමිතිවලට විරුද්ධ ය. චීනය කිසිවිටෙක අධිපතිව‍දයේ  හෝ ව්‍යාප්තවාද‍යේ නොයෙදෙන බව  ෂී ජින්පිං මහතා අවධාරණය කළේය.

සාමකාමී සහජීවනයේ මූලධර්ම පහ පදනම්ව නව ආකාරයේ ජාත්‍යන්තර සබඳතා ගොඩනගමින් ගෝලීය හවුල්කාරීත්වයන් තවදුරටත් පුළුල් කිරීමට චීනය කැපවී සිටී. අවංකභාවය, සැබෑ ප්‍රතිඵල, හිතවත්කම සහ යහපත් විශ්වාසය තහවුරු කර යුක්තිය සඳහා නිවැරදි ප්‍රවේශය සහ පොදු අවශ්‍යතා ආරක්ෂා කිරීමේ සංකල්පය දරමින් චීනය සෙසු සංවර්ධනය වෙමින් පවතින රටවල් සමඟ සහයෝගීතාවයන් ශක්තිමත් කර පොදු අවශ්‍යතා ආරක්ෂා කිරීමට කැපවී සිටී.

ගෝලීය සංවර්ධන මුලපිරීම සහ ගෝලීය ආරක්ෂක මුලපිරීම ඉදිරිපත් කර ඇති චීනය ඒවා ක්‍රියාත්මක කිරීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාව සමඟ කටයුතු කිරීමට ද සූදානමින් සිටී. ලෝක ශිෂ්ටාචාරවල විවිධත්වයට ගරු කර, ශිෂ්ටාචාරයන් අතර හුවමාරු මගින් ශිෂ්ටාචාරයන් අතර පරස්පරතා අභිබවමින්, විවිධ ගෝලීය අභියෝගවලට ඒකාබද්ධව මුහුණ දෙන ලෙසට චීනය ජගත් ප්‍රජාවෙන් අවංකව ඉල්ලා සිටින බව ද  ෂී ජින්පිං මහතා ‍ගේ එම වාර්තාවේ දැක්වේ.

 

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම