චීන කොමියුනිස්ට් පක්ෂයේ ධජය යටතේ හදවතින් හා ශක්තියෙන් එකමුතු වී, චීන ජාතියේ මහා පුනර්ජීවනය ප්‍රවර්ධනය කළ යුතු බව, චීන ජනපති අවධාරණය කරයි
2022-10-17 15:20:36
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අද(17) පෙරවරුවේ චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වන ජාතික කොංග්‍රසයට එක්ව සිටින Guangxi ස්වයාත්තයේ නියෝජිත පිරිසක් සමග  සාකච්ඡාවකට එක් විය.

එහිදී ෂී ජින් පිං මහතා අවධාරණය කළේ, පක්ෂය සහ රට ඉදිරියට යා යුතු දිශානතිය, චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වන ජාතික කොංග්‍රසයට ඉදිරිපත් කෙරුණු වාර්තාවෙන්  වැඩිදුරටත් පෙන්වා දී ඇති බවයි.

නව යුගයේ හා නව ගමනකදී, චීන කොමියුනිස්ට් පක්ෂය රටේ සියලුම ජාතීන්ට අයත් ජනතාව එක්සත් කර, චීන ලක්ෂණ සහිත සමාජවාදය අඛණ්ඩව සංවර්ධනය කිරීම සඳහා වන දේශපාලන ප්‍රකාශය  සහ ක්‍රියාකාරී වැඩසටහන එය බව, ෂී ජින් පිං මහතා එහිදී සඳහන් කළේ ය.

සමස්ත පක්ෂ නියෝජනය සහ සියලු ජාතීන්ට අයත්  ජනතාව, චීන කොමියුනිස්ට් පක්ෂයේ ධජය යටතේ හදවතින් හා ශක්තියෙන් එකමුතු විය යුතු බවත්, චීන ජාතියේ මහා පුනර්ජීවනය සඳහා යෝධ නෞකාවක් සුළඟින් සහ රළ මතින් ගමන් කරන්නා සේ ප්‍රවර්ධනය කළ යුතු බවත්, ෂී ජින් පිං මහතා එහිදී කියා සිටියේ ය.

හෙතෙම නියෝජිතයන් සමඟ ගැඹුරු සාකච්ඡාවක නිරත විය. Guangxi නියෝජිත පිරිස යථාර්ථවාදී ලෙසින්, කොංග්‍රසයේ වාර්තාව පිළිබඳ  සිය අදහස් පළ කළහ. චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වන ජාතික කොංග්‍රසයේ වාර්තාව යනු, සමාජවාදී නවීන රටක් සර්ව සම්පූර්ණයෙන් ගොඩනැගීම ‍ඉදිරියට මෙහෙයවීම මෙන්ම, දෙවන  සියවස් ඉලක්කය දිශාව වෙත ඉදිරියට ගෙන යාමට මග පෙන්වන ලේඛනයයි. නියෝජිත පිරිස ඒකමතිකව එම වාර්තාවට සහාය පළ කළහ.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම