චීන ලක්ෂණයෙන් යුතු නවීකරණයෙන් චීන ජාතිකයින්ගේ පුනර්ජීවනය ඉටුකිරීම පෙළඹවීමේ අධිෂ්ඨානය අවධාරණය කෙරේ
2022-10-17 14:39:43
Share with:

පසුගියදා(16) බෙයිජිං නගරයේ ආරම්භ කෙරුණු චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වන ජාතික ‍කොංග්‍රසය වෙත චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභා‍වේ මහලේකම්, ජනාධිපති ෂී ජින්පිං මහතා වාර්තාවක් ඉදිරිපත් කළේය. මෙතැන් සිට තම පක්ෂයේ කේන්‍ද්‍රීය මෙහෙවර වන්නේ විවිධ ජන වාර්ගික ජනතාව මෙහෙයවමින් බලවත් නවීකරණ සමාජවාදී රටක් සම්පූර්ණ ලෙස ගොඩනැගීම, ‘දෙවන සියවස් ඉලක්කය’ ඉටු කිරීම හා චීන ලක්ෂණයෙන් යුතු නවීකරණයෙන් චීන ජාතිකයින්ගේ පුනර්ජීවනය ඉදිරියට ගෙන යාම බව ෂී ජින්පිං මහතා එම වාර්තාවෙන් පෙන්වා දුන්නේය.

එමෙන්ම චීන ලක්ෂණයෙන් යුත් නවීකරණය පිළිබඳ මූලික ඉල්ලීම් ද ඉදිරිපත් කෙරිණ. චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වයෙහි නියැළී සිටීම, චීන ලක්ෂණයෙන් යුත් සමාජවාදය අනුගමනය කිරීම, ඉහල ගුණාත්මකභාවයෙන් යුතු සංවර්ධනය ඉටු කිරීම, පූර්ණ ක්‍රියාදාම ප්‍රජාතන්ත්‍රවාදය සංවර්ධනය කිරීම, ජනතාවගේ ආධ්‍යාත්මික ලෝකය පෝෂණය කිරීම, සමස්ත ජනතාවගේ පොදු පොහොසත්කම ඉටු කිරීම, මිනිසා සහ සොබාදහම අතර සහජීවනය ප්‍රවර්ධනය කිරීම, පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැගීම ඉදිරියට ගෙන යාම හා මානව ශිෂ්ටාචාරය පිළිබඳ නව හැඩගැස්මක් නිර්මාණය කිරීම එම ඉල්ලීම්ය.   

රටේ සංවර්ධනය කෙරේ චීන කොමියුනිස්ට් පක්ෂය සියවස් ඉලක්ක දෙකක් නියම කර තිබේ. සුවපහසු සමාජයක් මුළුමනින් ගොඩනැගීම යන පළමු සියවස් ඉලක්කය, පසුගිය වසරේ චීන කොමියුනිස්ට් පක්ෂය පිහිටුවා වසර 100ක් සපිරි වසරේම ඉටු විය. දෙවන සියවස් ඉලක්කය වනුයේ මෙම ශතවර්ෂයේ මැද භාගයේ නව චීනය පිහිටුවීමේ 100 වැනි සංවත්සරය සැමරෙන විට බලවත්, පොහොසත්, ප්‍රජාතන්ත්‍රවාදී, සුසංගත, අලංකාර, නවීකරණ සමාජවාදී රටක් ලෙස චීනය ගොඩනැගීම ය. 

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම