චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වන ජාතික කොංග්‍රස වාර්තාව විවිධ විදේශ භාෂාවලට පරිවර්තනයට එක්වූ විදේශ භාෂා විශේෂඥයෝ එහි අන්තර්ගතය අගයති
2022-10-17 19:10:05
Share with:

         

       

චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වන ජාතික කොංග්‍රසයේ වාර්තාව විවිධ විදේශ භාෂාවලට පරිවර්තනය කිරීමේදී චීනයේ සිටින විදේශ භාෂා විශේෂඥයෝ රැසක් දායක වෙති. චීනයේ දිගු කාලයක් රැඳී සිටින මෙම විශේෂඥයන් ගෙවී ගිය වසර 10යේ චීනය විවිධ ක්ෂේත්‍රවල ලබාගෙන ඇති ජයග්‍රහණ සියැසින් දැක තිබේ. එමෙන් ම පාලක චීන කොමියුනිස්ට් පක්ෂය සිය සංකල්ප ක්‍රියාවට නංවාලීමෙන් ලද සාර්ථකභාවය පිළිබඳව ද ඔවුන් පුද්ගලික අත්දැකීම් ලබාගෙන ඇත.

 SEAN SLATTERY මහතා ඉංග්‍රීසි භාෂා විශේෂඥයෙකු වශයෙන් චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වන ජාතික කොංග්‍රස වාර්තාවේ පරිවර්තන කටයුතුවලට එක් විය. මහජනතාව කෙන්ද්‍ර කරගන්නා සංවර්ධන චින්තනය වාර්තාවේ බොහෝ තැන්වල ලියැවී ඇති බව ඔහු පවසයි. චීන කොමියුනිස්ට් පක්ෂය මුළුමනින්ම ජනතාව වෙනුවෙන් සේවය කරන දේශපාලන පක්ෂයක් බව ඉන් මනාව පිළිබිඹු වන්නේ යැයි SEAN SLATTERY  මහතා කියා සිටී.

 මෙවර වාර්තාව තුළින් එම විශේෂඥයන් වඩාත් ආත්ම විශ්වාසයෙන් කටයුතු කරන චීනයක් දැක තිබේ.වාර්තාව පරිවර්තනය කිරීමේදී ඔවුන් එහි“චීන ලක්ෂණෙයන් යුත් නවීකරණය”යන සංකල්පය කෙරේ වැඩි අවධානය යොමු කර ඇත. වාර්තාව ලාඕස භාෂාවට පරිවර්තනය කළ PONGTAY  CHALEUNSOUK  මහතා කී පරිදි , චීන ලක්ෂණයෙන් යුත් නවීකරණය සහ බටහිර රටවල නවීකරණය අතර විශාල වෙනසක් තිබේ. චීන ලක්ෂණයෙන් යුත් නවීකරණය යනු චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය යටතේ චීනයේ සියලු ජාතීන්ට අයත් ජනතාව එක්සත් වී සියලු රටවැසියන් පොදුවේ සශ්‍රීකත්වය භුක්ති විඳින නවීකරණයක් බව ඔහු කියා සිටී.

වාර්තාවේ පරිවර්තන කටයුතුවලට එක් වූ ප්‍රංශ භාෂා විශේෂඥ PEGGY CANTAVE FUYET පවසන්නේ චීනය තෝරාගත් සංවර්ධන මාර්ගය අධිරාජ්‍යවාදී, යටත්විජිතවාදී හෝ අධිපතිවාදී මාර්ගයක් නොව සාමකාමී සංවර්ධන මාර්ගයක් බවයි.එහි ප්‍රතිඵලයෙන් චීන ජනතාවට පමණක් නොව ලෝකවාසී ජනතාවට ද සෙත සැලසෙන බව PEGGY CANTAVE FUYET  වැඩිදුරටත් සඳහන් කරයි.      

           

 

ගුවන් විදුලිය
20240329සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම