ජනතාව සිය ආත්මය කර ගත් චීන කොමියුනිස්ට් පක්ෂය
2022-10-17 10:19:02
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වන ජාතික කොංග්‍රසය බෙයිජිංහිදී ඊයේ(16) ඇරඹිණ. චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහ ලේකම් ෂී ජින්පිං මහතා එහිදී වාර්තාවක් ඉදිරිපත් කළේය. ‘ජනතාව’ යන වචනය එම වාර්තාවේ බහුල ලෙස භාවිත වූ වචනය වීම විශේෂත්වයයි.

එම වාර්තාවේ සඳහන් වන, ගෙවී ගිය දශකය තුළ ජන ජීවිතය යහපත් කිරීමේ ප්‍රතිඵල තුළිනුත්, ජනතාවගේ වඩාත් සුන්දර ජීවිතය පිළිබඳ ඉදිරි දැක්ම තුළිනුත්, චීන කොමියුනිස්ට් පක්ෂය ජනතාව වෙනුවෙන් සුබසෙත නිර්මාණය කරමින් චීන ජාතිකයින්ගේ පුනර්ජීවනය සඳහා වෑයම් දැරීමේ මූලික පරමාර්ථය හා චීන උත්තරීතර නායකයා ජනතාව කෙරේ දක්වන ගැඹුරු සැලකිල්ල පිළිබිඹු වී ඇත.

චීන කොමියුනිස්ට් පක්ෂය වැනි, ජනතාවගේ මූලික ප්‍රතිලාභ ආරක්ෂා කිරීම සිය ඉහලම පරමාර්ථය ලෙස සලකා ඒ සඳහා නොනවතින ලෙස උත්සාහ දරන ලෝකයේ දේශපාලන පක්ෂ අල්පය.

පිහිටුවූ දා සිට මේ දක්වා චීන කොමියුනිස්ට් පක්ෂය සිය පෞද්ගලික වාසී හඹා නොයා සෑම විටම ජනතාවගේ මූලික ප්‍රතිලාභ ප්‍රමුඛත්වයෙහිලා තබමින් කටයුතු කර ඇතැයි චීන කොමියුනිස්ට් පක්ෂයේ වසර සියයකට වැඩි ඉතිහාසය සමාලෝචනය කිරීමේ දී පැහැදිලිව දැකිය හැකි ය.

 විශේෂයෙන් චීන කොමියුනිස්ට් පක්ෂයේ 18වැනි ජාතික කොංග්‍රසයෙන් අනතුරුව චීන කොමියුනිස්ට් පක්ෂය හා ජනතාවට වැදගත් යථාර්ථවාදී හා ගැඹුරු ඓතිහාසික අර්ථය සහිත ප්‍රධාන කාර්ය තුනක් සිදුව ඇත.  චීන කොමියුනිස්ට් පක්ෂය ගොඩනැගීමේ 100 වැනි සංවත්සරය පිළිගැනීම, චීන ලක්ෂණයෙන් යුත් සමාජවාදය නව යුගයට ප්‍රවේශ වීම, අන්ත දරිද්‍රතාව පිටුදැක සම්පූර්ණයෙන්ම සුවපහසු සමාජයක් බිහි කිරීම මගින් පළමු  සියවස් ඉලක්කය ඉටු කිරීම එම ප්‍රධාන කාර්යයන් තුනයි. එවන් ඓතිහාසික ජයග්‍රහණ, කෝටි 140ක චීන ජනතාවට පෙර නොවූ විරූ සතුටුදායී හා සුරක්ෂිත ජීවිතයක් උරුම කර දී ඇති බව නිසැකවම පැවසිය  හැකිය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම