අනාගත රට පාලන උපාය මාර්ගය චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වන ජාතික කොංග්‍රසයේ වාර්තාවෙන් විග්‍රහ කෙරේ
2022-10-17 14:27:48
Share with:

අනාගත රට පරිපාලන උපාය මාර්ගය චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වන ජාතික කොංග්‍රසයට ඉදිරිපත් කෙරේ.

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහ ලේකම්, ජනාධිපති ෂී ජින්පිං මහතා චීන කොමියුනිස්ට් පක්ෂයේ 19 වැනි මධ්‍යම කාරක සභාව වෙනුවෙන් චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වන ජාතික කොංග්‍රසය වෙත වාර්තාවක් ඉදිරිපත් කළේය.අනාගත රට පරිපාලන උපාය මාර්ගය එම වාර්තාවෙන් පැහැදිලි කෙරිණ.

ආර්ථීක සංවර්ධනය වෙනුවෙන් නවීන කර්මාන්ත පද්ධතියක් ගොඩනැගීම එම වාර්තාවේ සඳහන් කෙරිණ.ආර්ථීක සංවර්ධන කිරීමේදී සැබෑ ආර්ථීකයට  වැඩි වශයෙන් අවධානය යොමු කරමින් නව ව්‍යුහයේ කර්මාන්තකරණය ඉදිරියට ගෙන යාම ස්ථිරව අනුගමනය කළ යුතු බව ද එහිදී ප්‍රකාශ විය.ගම්මාන සංවර්ධනයේ දී දිළිඳුකම පිටුදැකීමේ ජයග්‍රහණ තහවුරු කළ යුතු බව එම වාර්තාවේ සඳහන් වෙයි.කෘෂිකාර්මික ශක්තිමත් රටක් ගොඩනැගීම කඩිනම් කරමින් ආහාර සුරක්ෂිතභාවයේ පදනම සෑම අංශයකින්ම තහවුරු කළ යුතු බව ද එම වාර්තාව පෙන්වා දී තිබේ.

ඉහළ මට්ටමේ විවෘතභාවය ඉදිරියට ගෙන යමින්  ශක්තිමත් වෙළඳ රටක් ගොඩනැගීම කඩිනම් කරන චීනය ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු "එක් තීරයක් එක් මාවතක්" වැඩපිළිවෙළ පිළිබඳ පොදු සංවර්ධනය පෙළඹවීමට උත්සාහ දරන බව ද එහි සඳහන් වේ.එමෙන්ම ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු අධ්‍යාපන පද්ධතිය ප්‍රවර්ධනය කිරීම කඩිනම් කරමින් සිසුන්ගේ ගුණාත්මක අධ්‍යාපනය සංවර්ධනය කිරීම සහ අධ්‍යාපන සමානාත්මතාවය ප්‍රවර්ධනය කළ යුතු බව ද එම වාර්තාව අවධාරණය කරයි.

කාබන් උපරිම විමෝචන තත්ත්වයට ළඟාවීම සහ කාබන් උදාසීනත්වය ඉටු කර ගැනීමට චීනය සක්‍රීය ව ස්ථීරව උත්සාහ දරයි. බලශක්ති සම්පත් විප්ලවය ගැඹුරින් ඉදිරියට ගෙන යාම හා පිරිසිදු හා කාර්යක්ෂම අයුරින් ගල්අඟුරු භාවිතය ප්‍රචලිත කිරීමට චීනය කටයුතු කරනු ඇත.

එක් රටක් ක්‍රම දෙකක් ප්‍රතිපත්තිය චීන ලක්ෂණ සහිත සමාජවාදයේ විශිෂ්ට නිර්මාණයකි. තායිවාන ප්‍රශ්නය විසඳීම චීන ජනතාවටම අයත් කාර්යභාරයක්  වන අතර එය තීරණය ගනු ලබන්නේ චීන ජනතාව විසිනි.රට එක්සත් කිරීමේ හා චීන ජාතියේ මහා පුනර්ජීවන ඓතිහාසික ප්‍රවණතාව ඉදිරියට ගෙන යමින් මව්රටේ එක්සත්භාවය සාක්ෂාත් කළ යුතු යි. එය නිසැකවම සාක්ෂාත් කර ගනු ඇතැයි ද එම වාර්තාවේ සඳහන් වේ. 

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම