චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වන ජාතික කොංග්‍රසයට චීනයේ තායිවාන ප්‍රදේශයෙන් උණුසුම් සුභ පැතුම්
2022-10-17 13:27:19
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වන ජාතික කොංග්‍රසය ආරම්භ කිරීම වෙනුවෙන් චීනයේ තායිවාන ප්‍රදේශයේ දේශපාලන පක්ෂ, සංවිධාන සහ පුද්ගලයෝ විවිධ ආකාරයෙන් සුබ පැතුම් පළ කරති. 

චීන Kuomintang පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඊයේ (16) චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව වෙත සුබ පැතුම් පණිවුඩයක් යොමු කර ඇත. “1992 සම්මුතිය”හා “තායිවාන ස්වාධීනත්ව”විරෝධී පදනම මත තායිවාන සමුද්‍ර සන්ධි දෙපස ඒ ඒ ක්ෂේත්‍ර වල හුවමාරු හා සහයෝගිතා විශාල ජයග්‍රහණ ලබා ගෙන ඇති බව එහි සඳහන් වෙයි. තායිවාන සමුද්‍ර සන්ධි දෙපස ජනතාවගේ අයිතිවාසිකම් හා ජයග්‍රහණ පක්ෂ දෙක විසින් පොදුවේ තහවුරු කරමින් ප්‍රාදේශීය සාමය හා ස්ථාවරත්වය සහතික කිරීමට දැඩිව උත්සාහ දරමින් තායිවාන සමුද්‍ර සන්ධි දෙපසේ සම්බන්ධතාවේ සමෘද්ධිමත් සංවර්ධනය නිර්මාණය කිරීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කරන බව එම සුබ පැතුම් පණිවුඩයේ දැක්වේ.

මේ සම්බන්ධයෙන්, ඊයේ චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව චීන Kuomintang පක්ෂයේ මධ්‍යම කරක සභාව වෙත පිලිතුරු ලිපියක් යවා ඇත.වර්තමානයේ තායිවාන සමුද්‍ර සන්ධි දෙපසේ තත්ත්වය දිනෙන් දින සංකීර්ණ වෙමින් පවතී. සමස්ත තත්ත්වය අවබෝධ කර ගනිමින්, ප්‍රධාන ප්‍රවණතා නිරීක්ෂණය කර, මව් රටේ කේන්ද්‍රීය ජයග්‍රහණයන් පක්ෂ දෙක විසින් ස්ථිරව අනුගමනය කරනු ලැබීම සහතික කළ යුතු බව ද එහි දැක්වේ.පවතින පොදු දේශපාලන පදනම මත අදහස් හුවමාරු පුළුල් කර අන්‍යෝන්‍ය විශ්වාස ශක්තිමත් කර සහයෝගිතා ගැඹුරු කරමින් තායිවාන සමුද්‍ර සන්ධි දෙපස සාමය, තායිවාන ස්වදේශිකයන් ගේ සුබසාධනය, රටේ එක්සත්කරණය, චීන ජාතියේ පුනර්ජීවනය සඳහා පක්ෂ දෙක එක්ව කටයුතු කරනු ඇති බව ද එම ලිපියේ දැක්වේ.

ගුවන් විදුලිය
20240329සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම