යුරෝපා සංගමය සමග පවතින සහයෝගිතාව තරඟකාරීත්වයට වඩා අවස්ථාවන් ගෙන් බහුල බව චීනය කියයි
2022-10-17 19:28:07
Share with:

චීනය හා යුරෝපා සංගමය අතර පවතින්නේ සහයෝගිතාව මිස තරඟකාරීත්වය නොවන බව චීන විදේශ අමාත්‍යංශය පවසයි.

සාමාජික රටවල් කර්මාන්ත දාමය හා සැපයුම් දාමය අතින් චීනයේ සැපයුම පිළිබඳ අවශ්‍යතා අඩු කළ යුතු බවට යෝජනා කිරීමට යුරෝපා සංගමයේ විදේශ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව සූදානම් වන බව වාර්තා විය. ඒ සම්බන්ධයෙන් චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක Wang Wenbin මහතා අද(17) පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේ ලොව කර්මාන්ත දාමය හා සැපයුම් දාමය, වෙළඳපොල නීති හා සමාගම් තේරීම මත පදනම්ව වර්ධනය වන බවයි. දේශපාලන අරමුණ මත සීමා පැනවීමෙන් ජාත්‍යන්තර සහයෝගිතාවට බාධා එල්ල කිරීම කවර හෝ රටක ප්‍රතිලාභයන්ට නොගැළපේ. චීනය හා යුරෝපා සංගමය සතුරන් නොව හවුල්කරුවන් ය. දෙපාර්ශ්වය අතර පවතින්නේ සහයෝගිතාව මිස තරඟකාරීත්වය නොවන බව Wang Wenbin මහතා අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම