චීනයේ සංවර්ධනයට ශක්තියක් වන චීන කොමියුනිස්ට් පක්ෂයට, මෙවර පැවැත්වෙන 20 වන ජාතික කොංග්‍රසය වඩාත් සුවිශේෂී අවස්ථාවක්
2022-10-17 10:57:03
Share with:

චීනය සහ ශ්‍රී ලංකාව ඓතිහාසික බැඳීමක් පවතින රාජ්‍යන් දෙකකි. චීනය සෑම අවස්ථාවකම ශ්‍රී ලංකාවේ ආර්ථිකය වෙනුවෙන් සිය දායකත්වය ලබා දී ඇත. මූල්‍යමය ස්ථාවරත්වය, ආහාර සුරක්ෂිතතාව, සංවර්ධන ව්‍යාපෘති, තාක්ෂණික දියුණුව යන සියලු අංශයන්ගෙන් චීනය ශ්‍රී ලංකාවට සිය සහයෝගය ලබා දෙමින් සිටී. ජාත්‍යන්තර වශයෙන් මතුවූ මානව හිමිකම් කරුණු වල දී කොන්දේසි විරහිතව ශ්‍රී ලංකාව වෙනුවෙන් චීනය පෙනී සිටි බව කෘතවේදීව සිහිපත් කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.

ආගමික, සංස්කෘතික සහ පැවැත්ම සම්බන්ධව ද චීනය සහ ශ්‍රී ලංකාව සමීප සම්බන්ධතාවයක් පවත්වා ගනිමින් සිටී. චීනය වර්තමානයේ අත්කර ගෙන ඇති අති දැවැන්ත සංවර්ධන උදෙසා චීන කොමියුනිස්ට් පක්ෂය ලබා දුන් දායකත්වය අපමණය.‍ රටේ විනය සහ පාලනය කළමනාකරණය කරමින් එය මැනවින් ඉටු කිරීමට චීන කොමියුනිස්ට් පක්ෂය සමත්ව ඇති බව ද හෙතෙම කියා සිටී.

චීන කොමියුනිස්ට් පක්ෂයේ සුවිශේෂී අවස්ථාවක් වන 20 වන ජාතික කොංග්‍රසය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් සහ එක්සත් ජාතික පක්ෂ නායක හා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන් වෙනුවෙන් සුභාශිංසන එක් කරන බව පාලිත රංගේ බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම