චීනය සමග මිතුදම හා හවුල්කාරී සබඳතාව තවදුරටත් ගැඹුරු කිරීමට ලොව විවිධ පාර්ශ්ව කැමැත්ත දක්වන බව චීන විදේශ අමාත්‍යංශය පවසයි
2022-10-17 19:31:15
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි ජාතික කොංග්‍රසය සාර්ථකව පැවැත්වීම පිළිබඳ බොහෝ රටවල නායකයෝ හා ජාත්‍යන්තර සංවිධාන වල ප්‍රධානීහූ චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති ෂී ජින් පිං මහතා වෙත සුභපැතුම් පිරිනමති. ඒ සම්බන්ධයෙන් චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Wang Wenbin මහතා පැවසුවේ විවිධ පාර්ශ්ව චීනය සමග සබඳතා වර්ධනය ඉහළින් අගය කරමින් චීනය සමග මිතුදම හා හවුල්කාරී සබඳතාව තවදුරටත් ගැඹුරු කිරීමට කැමැත්ත දක්වන බවයි. ලෝකය වෙත අවධානය යොමු කරන අය වටා මිතුරන් රැස්වනු ඇති බවද හෙතෙම කීය. චීන කොමියුනිස්ට් පක්ෂයේ 18 වැනි ජාතික කොංග්‍රසයෙන් පසු ෂී ජින් පිං මහතා කේන්ද්‍ර කර ගන්නා චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ නායකත්වය යටතේ චීනය ස්ථීර ලෙස සාමකාමී වර්ධන මාර්ගයේ ගමන් කරමින් ලෝකයේ ප්‍රධාන කටයුතු වෙනුවෙන් චීන බුද්ධිය හා විසඳුම් සපයා තිබේ. එය ජගත් ප්‍රජාවේ පොදු පිළිගැනීමට ලක්ව ඇත. චීනය, ලෝකයේ විශේෂයෙන් ම සංවර්ධනය වෙමින් පවතින රටවල පොදු පිළිගැනීමට පත් ව සිටින බව බොහෝ සමීක්ෂණ මගින් පැහැදිලි වෙයි. චීනය, ලොව සාමය හා වර්ධනය වෙනුවෙන් අත්‍යවශ්‍ය මෙන්ම විශ්වාසනීය වැදගත් බලයක් බවට පත්ව ඇති බව එක්සත් ජාතීන්ගේ මහලේකම් António Guterres මහතා පවසා ඇත.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම