චීන කොමියුනිස්ට් පක්ෂයේ කේන්ද්‍රීය කාර්යභාරය විස්තර කෙරේ
2022-10-16 12:01:16
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ කේන්ද්‍රීය කාර්යභාරය ෂී ජින්පිං මහතා විස්තර කරයි. චීන කොමියුනිස්ට් පක්ෂය චීනයේ ඒ ඒ ජාතීන්ට අයත් ජනතාව එක්සත් කර නායකත්වය ලබාදී, සමාජවාදී නවීකරණ බලවත් රාජ්‍යයක් අංග සම්පූර්ණයෙන් ගොඩනගමින් දෙවන සියවස් ඉලක්කය සම්පූර්ණ කිරීම, චීනයට ආවේණික නවීකරණයෙන් චීන ජාතියේ දීප්තිමත් පුනර්ජීවනය පූර්ණ ලෙස ඉදිරියට ගෙන යාම අද සිට චීන කොමියුනිස්ට් පක්ෂයේ කේන්ද්‍රීය කාර්යභාරය බව ෂී ජින්පිං මහතා පැවසීය.

2020 වසරේ සිට 2035 වසර දක්වා සමාජවාදී නවීකරණය මූලික ව සාක්ෂාත් කෙරෙනු ඇත. 2035 වසරේ සිට මේ සියවසේ මධ්‍යම කාලය වන විට චීනය සමෘද්ධිමත්, ප්‍රජාතාන්ත්‍රික, ශිෂ්ටාචාරාත්මක, සමගි සම්පන්න, අලංකාර සමාජවාදී නවීකරණ බලවත් රටක් බවට පත් වනු ඇති බවද ෂී ජින්පිං මහතා ප්‍රකාශ කළේය. ඉදිරි වසර 5ක කාලය චීනය සමාජවාදී නවීන රටක් ලෙසට අංග සම්පූර්ණයෙන් ගොඩනැගීම ආරම්භවීමේ වැදගත් කාලයක් බව ද ෂී ජින්පිං මහතා පෙන්වා දුන්නේය.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම