ප්‍රශ්න විසඳීමේදී චීන කොමියුනිස්ට් පක්ෂය සෑමවිටම පැහැදිලි අවබෝධයකින් යුක්තව අධිෂ්ඨානශීලීව ක්‍රියා කළ යුතු බව චීන ජනපති පවසයි
2022-10-16 14:56:04
Share with:

පරිපූර්ණ වශයෙන් දැඩිව පක්ෂය පාලනය කිරීම අඛණ්ඩව ප්‍රවර්ධනය කිරීම, නවයුගයේ පක්ෂය ගොඩනැගීමේ නව මහා ව්‍යාපෘතිය ගැඹුරින් ක්‍රියාවට නැංවීම මෙන්ම  පක්ෂයේ ස්වයං විප්ලවයෙන් සමාජ විප්ලවය මෙහෙයවීම පිළිබඳව තරයේ සිහි තබා ගත යුතු බව, චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති ෂී ජින්පිං මහතා පෙන්වාදෙයි. පක්ෂයේ ස්වයං පිරිසිදු කිරීම, ස්වයං වැඩිදියුණුව සහ ස්වයං නවෝත්පාදනය පූර්ණ වශයෙන් ප්‍රවර්ධනය කළ යුතු අතර, ඉන් චීන කොමියුනිස්ට් පක්ෂය චීන ලක්ෂණයන්ගෙන් යුතු සමාජවාදී කාර්යයේ තිරසර නායකත්ව හරය බවට පත් වන බව ද හෙතෙම අවධාරණය කළේය.

විශාල පක්ෂයකට මුහුණදීමට සිදුවන ප්‍රශ්න විසඳීමේදී චීන කොමියුනිස්ට් පක්ෂය සෑමවිට ම පැහැදිලි අවබෝධයකින් යුක්තව අධිෂ්ඨානශීලීව ක්‍රියා කළ යුතු බව ෂී ජින්පිං මහතා පවසා ඇත.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම