නිපුණතාවන් මත රට ශක්තිමත් කිරීමේ උපාය මාර්ගය චීනය ගැඹුරින් ක්‍රියාත්මක කරන බව චීන ජනපති කියයි
2022-10-16 13:38:52
Share with:

නිපුණතාවන් මත රට ශක්තිමත් කිරීමේ උපාය මාර්ගය චීනය ගැඹුරින් ක්‍රියාත්මක කරන බව ෂී ජින්පිං මහතා පෙන්වා දුන්නේය. ශ්‍රමය, දැනුම, කුසලතා සහ නිර්මාණශීලීත්වයට ගරු කිරීම ස්ථිරව අනුගමනය කරමින් නිපුණතාවන් සම්බන්ධ සමස්ත සැකැස්ම පූර්ණ කර පක්ෂයේ සහ ජනතාවගේ මෙහෙවර සඳහා ඒ ඒ  ක්ෂේත්‍රවලින් කැපී පෙනෙන නිපුණතාවන් එක්රැස් කර ගන්නා බව හෙතෙම පැවසීය.

චීනයට ආවේණික නවීකරණය චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය යටතේ ඇති සමාජවාදී නවීකරණයයි. එය, විවිධ රටවල නවීකරණයේ පොදු ලක්ෂණවලින් පමණක් නොව රටේ තත්ත්වයට ගැලපෙන අනන්‍යතාවලින් ද සමන්විත වන බව ෂී ජින්පිං මහතා විස්තර කළේය. චීනයට ආවේණික නවීකරණය යනු විශාල පරිමාණ ජනගහණය සඳහා නවීකරණයයි.එය සමස්ත චීන ජනතාව එක්ව සමෘද්ධිය සාක්ෂාත් කිරීමේ නවීකරණයක්, භෞතික ශිෂ්ටාචාරය හා ආධ්‍යාත්මික ශිෂ්ටාචාරයෙන් සුසැදි නවීකරණයක්, මිනිසා සහ සොබාදහමේ සුසංගතභාවයෙන් සහජීවනයෙන් මෙන්ම සාමකාමී සංවර්ධන මාවතේ ඉදිරියට ගමන් කරන නවීකරණයක් බවද ෂී ජින්පිං මහතා පැවසීය.

පරිසර දූෂණය වැළැක්වීම හා පාලනය කිරීම ගැඹුරෙන් ක්‍රියාත්මක කරන චීනය නිල් අහස, පිරිසිදු ජලය, දූෂණයෙන් තොර භූමිය සුරක්ෂිත කිරීමේ සටන අඛණ්ඩව සිදු කරමින් පරිසර යටිතල පහසුකම් ඉදිකිරීම් මට්ටම ඉහළ නංවා ගන්නා බව ද ෂී ජින්පිං මහතා ප්‍රකාශ කළේය.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම